Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා

මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද (26) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශයකට මාධ්‍ය හමුවේ පිළිතුරු දීම නිසා මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසුමේදී මාලිංග දුරකථනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයකුට ලබාදුන් අතර එම නියෝජිතයා නැවත මාලිංගට සම්බන්ධ කළේය.

“මම ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටද? මම දන්නේ නෑ. කොහොම වුණත් මාව සංචිතයෙන් ඉවත් කළ හොත් කිසිම ප්‍රශ්නයක් නෑ. බෑග් එක ගත්තා ගෙදර ගියා. ඒක තමයි මට කරන්න තියෙන්නේ” යැයි මාලිංග පැවසීය.

මාලිංග මාධ්‍යයට කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.   
    

 


අදහස් (2)

මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.