Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුම්බායි ක්‍රීඩකයෝ චෙන්නායි අපරාජිත වාර්තාව බිඳ දමති

මුම්බායි ක්‍රීඩකයෝ චෙන්නායි අපරාජිත වාර්තාව බිඳ දමති

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 15 වැනි තරගය ලෙස මුම්බායිහි වැන්කඬේ ක්‍රීඩාංගණයේදී අද (03) රාත්‍රී පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 37 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.

මෙම පරාජයත් සමඟ චෙන්නායි පිල තරග තුනක් තුළ රදවාගෙන සිටි අපරාජිත වාර්තා බිඳ වැටුණි.
ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කය හඹාගිය චෙන්නායි පිලට ඕවර 20 අවසානයේ කඩුලු අටක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 133 ක් පමණි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 34 කට කඩුලු තුනක් දවාගනිමින් ජයග්‍රහණයේ කොටස්කරුවකු බවට පත්විය.

 හර්ද්‍රික් පාණ්ඩියා පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 20 කට කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.
කීදර් යාදේව් පන්දු 54 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 ක් රැස්කරමින් චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

පෙර තරග තුනේදීම චෙන්නායි පිලේ ගැළවුම්කරු වූ නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 12 කට දැවී යෑමත් සමඟ මුම්බායි පිලට ජයග්‍රහණයට මඟ පෑදුණි.

ආරම්භක පිතිකරුවන් වූ ෂේන් වොට්සන් (05) සහ අම්බාටි රයිදු (0) අසාර්ථක වීමෙන් ආරම්භයේදීම තරගයේ පාලනය චෙන්නායි පිලෙන් ගිලිහුණි.

හර්ද්‍රික් පාණ්ඩියා සහ කිරන් පොලාඞ් අවසන් ඕවර දෙකට ලකුණු 45 ක් රැස්කිරීමෙන් මුම්බායි පිලට අභියෝගයක් යොමු කළ හැකි ලකුණු සංඛ්‍යාවකට ඒමට අවස්ථාව උදාවිය.

විස්සයි20 විශේෂඥයකු ලෙස සැළකෙන කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඞ්වේන් බ්‍රාවෝ යැවූ අවසන් ඕවරයට ලකුණු 29 ක් එකතු වීම කැපී පෙනුණි. බ්‍රාවෝ ඕවර හතරේදී ලකුණු 49 කට කඩුල්ලක් පමණක් දවාගත්තේය.
 හර්ද්‍රික් පාණ්ඩියා පන්දු අටකදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 25 ක් ද, කිරන් පොලාඞ් පන්දු හතකදී හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 17 ක් ද, රැස්කළහ.

සූරියකුමාර් යාදව් පන්දු 43 කින් හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. කුනල් පාන්ඩියා පන්දු 32 කින් ලකුණු 42 ක් රැස් කළේය.

සූරියකුමාර් යාදව් සහ කුනල් පාන්ඩියා සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 62 ක සම්බන්ධතාව නිසා මුම්බායි පිල හිස එසවීය.

ප්‍රබල පිතිකරුවන් වන නායක රෝහිත් ශර්මා (13) සහ යුවරාජ් සිං (04) අසාර්ථක වීමෙන් නවවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලකුණු 50 කට කඩුලු තුනක් බවට පත්විය.

සූරියකුමාර් යාදව් ක්‍රියාත්මක කළ වේගවත් පිතිහරඹය නිසා පළමු ඕවර හය අවසන් වන විට මුම්බායි පිල ලකුණු 40 ක් රැස්කර සිටියේය.

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුවින්ටන් ඩි කොක් (04) තෙවැනි ඕවරයf්දී දැවී යෑම මුම්බායි පිලට දැඩි පාඩුවක් බවට පත්විය.

චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
චෙන්නායි පිල වෙනස්කමක් කරමින් මිචෙල් සැන්ට්නර්ගේ ස්ථානයට වේග පන්දු යවන මෝහිට් ශර්මා කැඳවා තිබුණි. ඒ අනුව චෙන්නායි පිල මෙම තරගයේදී විදේශීය ක්‍රීඩකයන් තිදෙනකුගෙන් ක්‍රීඩා කළේය.


මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 170
(සූරියකුමාර් යාදව් 59, කූනල් පාණ්ඩියා 42, හර්ද්‍රික් පාණ්ඩියා නොදැවී 25, කිරන් පොලාඞ් නොදැවී 17)

චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 133
(සුරේෂ් රයිනා 16, කීදර් යාදේව් 58, ලසිත් මාලිංග 34/3, ජේසන් බිහෙන්ඩොර්ෆ් 22/2, හර්ද්‍රික් පාණ්ඩියා 20/3)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
-048

 


අදහස් (0)

මුම්බායි ක්‍රීඩකයෝ චෙන්නායි අපරාජිත වාර්තාව බිඳ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.