Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර (2018) ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් වසරේ (2017) ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, තහනමකට ලක්ව සිට යළිත් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මස 7 වැනිදා මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
තරගාවලියේ දෙවැනි දිනය වන 8 වැනිදා තරග 2 ක් පැවැත්වෙන අතර එහිදී කිංග්ස්XI පංජාබ් කණ්ඩායමට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම දිල්ලිහිදීද, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම කොල්කටාහිදීද තරග වදිනු ඇත.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙන්ම වසර 2 ක තරග තහනමකින් අනතුරුව යළිත් තරගාවලියට එක්වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, අප්‍රේල් 9 වැනිදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී සිය පළමු තරගයට සහභාගි වීමට නියමිතය.
කිංග්ස්XI පංජාබ් කණ්ඩායම හැරුණුකොට සෙසු කණ්ඩායම් සියල්ලම සිය සාම්ප්‍රදායික ක්‍රීඩාංගණ වලදී තරග 7 බැගින් ක්‍රීඩා කරන අතර පංජාබ් කණ්ඩායම පමණක් ඔවුන්ගේ තරගය 7 න් 3 ක් ඉන්දෝර්හිදීද, 4 ක් මොහාලිහිදීද ක්‍රීඩා කරනු ඇත.
තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය (මැයි 22 වැනිදා) සහ අවසන් මහ තරගය (27 වැනිදා) මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහෙත් සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (23 වැනිදා) සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගය (25 වැනිදා) පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නම්කර නොමැත.
![]() |
![]() |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.