Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුවර්ස් ක්‍රීඩා සමාජය අවසන් තරගයට

මුවර්ස් ක්‍රීඩා සමාජය අවසන් තරගයට

Nisanka Sandeepani - 2019 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයකදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය අද (25 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය මුවර්ස් ක්‍රීඩකයෝ පන්දු 17 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 17 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 46 ක් රැස්කළ නිමන්ද සුබසිංහ මුවර්ස් ක්‍රීඩා සමාජයමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ඕවර 12.4 ක් අවසානයේ ලකුණු 116 කට මුවර්ස් කණ්ඩායමේ සිවුවැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර එතැන් පටන් චාමර සිල්වා (නොදැවී 46) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මුවර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නිමන්ද සමත් විය. 

පන්දු 23 කදී වාර්තා වූ චාමරගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර ආරම්භක පිතිකරුවන් වූ චරිත කුමාරසිංහ පන්දු 24 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 41 ක්ද, අදීෂ තිලංචන පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 186 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ අෂාන් රන්දික පන්දු 59 කදී ලකුණු 117 ක් හයේ පහර 5 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි. 

අසේල ගුණරත්න (17) සමග එක්ව යුද හමුදා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රන්දික සමත් විය. එහෙත් සෙසු පිතිකරුවන් අසාර්ථක වීම නිසා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට ඔහුට නොහැකි විය. ගුණරත්න දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ශිරාන් ප්‍රනාන්දු සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. 

යුද හමුදා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 6 කට 186 
(අෂාන් රන්දික 117, අසේල ගුණරත්න 17, සීක්කුගේ ප්‍රසන්න 14) 

මුවර්ස් කණ්ඩායම - ඕවර 17.1 කදී කඩුලු 4 කට 190 
(චරිත කුමාරසිංහ 41, අදීෂ තිලංචන 33, චාමර සිල්වා නොදැවී 46, නිමන්ද සුබසිංහ නොදැවී 26) 

 


අදහස් (0)

මුවර්ස් ක්‍රීඩා සමාජය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.