Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන මාන්සි සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 13 ක් අවසන් වන විට වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට පා දඟ පන්දු යවන ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් සමත්ව සිටියි.
ඒ.බී. ඩිවිලියස් නායකත්වය දරන ෂ්වානේ ස්පාර්ටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන මෙන්ඩිස් මේ වන විට තරග 5 කට සහභාගි වී ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 11 කි. එහිදී නෙල්සන් මැන්ඩෙලා ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 22 ට කඩුලු 4 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.
ඊට අමතරව ඩර්බන් හීට් කණ්ඩායමට එරෙහිව ලකුණු 14 කට කඩුලු 2 ක්, පාර්ල් රොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35 කට කඩුලු 2 ක් සහ ජෝෂි ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගැනීමටද මෙන්ඩිස් සමත්ව සිටියි.
කේප් ටවුන් කෝබ්‍රා කණ්ඩායමේ ඇන්රිච් නොට්ජේ සහ ෂ්වානේ ස්පාර්ටන්ස් කණ්ඩායමේ ලූතෝ සිපම්ලා කඩුලු 8 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.