Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මෙහෙදි හසන් කොදෙව් පිල වනසයි

මෙහෙදි හසන් කොදෙව් පිල වනසයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙහෙදි හසන්ගේ (58/7 සහ 59/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (2 වැනිදා) සමත්විය.

බංග්ලාදේශයේ ඩකාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය තවත් දින දෙකක් ඉතිරිව තිබියදීම ඉනිමකින් සහ ලකුණු 184 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

දෙවැනි දිනයට ඊයේ (1 වැනිදා) තරගය අවසන් කරනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 75 ක් රැස්කර සිටි කොදෙව් පළමු ඉනිම අද උදෑසන ලකුණු 111 කට සීමාකිරීමට මෙහෙදි හසන් සහ සකීබ් අල් හසන් සමත්වූහ.

ලකුණු 29 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා ශිම්රන් හැට්මියර් සහ ශේන් ඩව්රිච් එක්ව ලකුණු 57 ක සම්බන්ධතාවයක් පවත්වමින් කොදෙව් ඉනිම ගොඩනැගීමට උත්සහ දැරුවද හයවැනි කඩුල්ල ලෙස හැට්මියර් දැවීයාමත් සමගින් එම බලාපොරොත්තුවත් සුනුවිසුනුවී ගියේය.

අවසන් කඩුලු 5 ලකුණු 25 ක් තුල දවාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ කොදෙව්වන්ට වඩා ලකුණු 397 කින් ඉදිරියෙන් සිටිමට සමත්විය.

බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් දඟ පන්දු යවන්නන් 5 දෙනෙකු පමණක් යොදාගනිමින් කොදෙව් පිතිකරුවන් මෙල්ල කිරීමට ගත් උත්සහ සාර්ථක කරගැනීමට සමත්විය. එහිදි දක්ෂ පන්දු යැවීමක නිරතවූ පිට දඟපන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් ලකුණු 58 කට කඩුලු 7 ක් සහ නායක සකීබ් අල් හසන් ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූහ.

පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීමට සිදුවූ කොදෙව් කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවිම සඳහා තවත් ලකුණු 397 ක් රැස්කිරීමට අවශ්‍යවූ නමුත් සිය දෙවැනි ඉනිම සඳහා ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 213 ක් පමණි.

සියලු පිතිකරුවන් යළිත් අසාර්ථක වනවිට කෙදෙව් කණ්ඩායම ආරක්ෂා කරගැනීම සඳහා හුදකලා සටනක නිරතවූ ශිම්රන් හැට්මියර් පන්දු 92 කදී ලකුණු 93 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 9 කින් සහ එක් හතරේ පහරකින් ඔහුගේ ඉනිම අලංකාර විය.

පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශායි හෝප් සහ ශිම්රන් හැට්මියර් සමත්වූ අතර අවසන් කඩුල්ල සඳහා ලකුණු 42 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කෙමාර් රෝච් (නොදැවී 37) සහ ශර්මන් ලෙවිස් (20) සමත්වූහ.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද දඟපන්දු යවන්නන් පමණක් යොදාගත් සකීබ් අල් හසන් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත්විය. දෙවැනි ඉනිමේදීත් පන්දුවෙන් දස්කම් දැක්වූ මෙහෙදි හසන් ලකුණු 59 කට කඩුලු 5 ක් දවාගත් අතර තයිජුල් ඉස්ලාම් ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගත්තේය.


බංග්ලාදේශ පළමු ඉනිම - ඕවර 154 කදී සියලුදෙනා දැවී 508
(ශද්මන් ඉස්ලාම් 76, මොමිනුල් හක් 29, මොහොමඞ් මිතුන් 29, සකීබ් අල් හසන් 80, මහමුදුල්ලා 136, ලිටන් දාස් 54, තයිජුල් ඉස්ලාම් 26, කාලෝත් බ්‍රැත්වේට් 57/2, කෙමාර් රෝච් 61/2, ජොමෙල් වොරිකන් 91/2, දේවේන්ද්‍ර බිශූ 109/2)

කොදෙව් පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී 111
(ශිම්රන් හැට්මියර් 39, ශේන් ඩව්රිච් 37, මොහෙදි හසන් 58/7, සකීබ් අල් හසන් 27/3)

කොදෙව් දෙවැනි ඉනිම - ඕවර 59.2 කදී සියලුදෙනා දැවී 213
(ශායි හෝප් 25, ශිම්රන් හැට්මියර් 93, කෙමාර් රෝච් නොදැවී 37, ශර්මන් ලෙවිස් 20, මෙහෙදි හසන් 59/5, තයිජුල් ඉස්ලාම් 40/3)

 

 


අදහස් (0)

මෙහෙදි හසන් කොදෙව් පිල වනසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.