Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මොහාන් ද සිල්වාත් සටනට සැරසෙයි

මොහාන් ද සිල්වාත් සටනට සැරසෙයි

Nisanka Sandeepani - 2018 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපතිධුරයට තරග කිරිමට වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඉදිරිපත් නොවන්නේ නම් උපසභාපති මොහාන් ද සිල්වා මහතා සූදානමින් සිටී. වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවට යළි තරග වැදීම අවිනිශ්චිත තත්ත්වයක පැවැතීම නිසා මොහාන්ද සිල්වා මහතා කරලියට ගෙන ඒම ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ සැලසුම වී තිබේ. 

නිලවරණය සඳහා මැයි මස 19 වැනිදාට දින නියමවීමත් සමග ඉදිරි වසර දෙකක කාලය සඳහා යළි ක්‍රිකට් ආයතනයේ බලයට පත්වීමට තමා බලාපොරොත්තුව වන බව මේ මස මුලදී සුමතිපාල මහතා නිවේදනය කළේය. එහෙත් නිලවරණය කැඳවීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය නොකළ බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කිරීමත් සමග නිලවරණය කල් ගියේය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් විධායක කමිටුවේ කාලසීමාව මැයි මස 31 දා නිමාවට පත්වීමට නියමිතය. එසේ වූවත් දැනට පවතින විධායක කමිටුව මීළඟ නිලවරණය පැවැත්වෙන තුරු කටයුතු කරනු ඇත. 

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපලේකම් රවින් වික්‍රමරත්න මහතාද මෙවර නිලවරණයට ඉදිරිපත් නොවේ.  එබැවින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සභාපති සමන්ත දොඩන්වල මහතා හෝ තරගාවලි කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා ඔහුගේ තනතුරට තරග  වදිනු ඇත. 

“රවීන් වෙනුවට විකල්පයක් වන්නේ සමන්ත දොඩන්වල මහතායි. බන්දුල දිසානායක මහතාත් සිටිනවා. ඒ අතරම මොහාන් ද සිල්වාත් අයැදුම්පතක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔහු සභාපති සහ උපසභාපති තනතුරුවලට නාමයෝජනා ඉදිරිපත් කළත්, ලේකම්වරයාගේ භූමිකාවට නිශ්චිතවම ඔහු පත්වේවි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් වන නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාස මහත්වරුන් සම්බන්ධ කඳවුරුවලින් වත්මන් විධායක කමිටුවට දැඩි තරගයකට මුහුණදීමට සිදුවනු ඇත. 

“ජයන්ත සහ නිශාන්ත තාක්ෂණික ගැටළුවක් බලාපොරොත්තුවෙන් අයැදුම් කරනවා විය හැකියි. නමුත් කාරණය ඒක නෙවෙයි” යයි සුමතිපාල මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීමට බලපෑ හැකි හේතු සම්බන්ධයෙන් එම ප්‍රකාශකයා එසේ කීවේය. 

සුමතිපාල මහතාට ගැටළුවක් වී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය සතියේදී දීර්ඝ කාලයක් පුරා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සූදු ක්‍රීඩාවට සම්බන්ධතා ඇතැයි නම් කරමින් සුමතිපාල මහතාගේ අපේක්ෂකත්වයේ නීතිමය තත්ත්වය ගැන ප්‍රශ්න කිරීමයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුව එවැනි පුද්ගලයන්ගේ අපේක්ෂකත්වය ඉවතට විසිවෙන්නේ ඉබේටමය. 

 


අදහස් (0)

මොහාන් ද සිල්වාත් සටනට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.