Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට (1 වැනිදා) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමා ජාත්‍යන්තර මට්ටමේ තරගවලින් සමුගන්නා බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මෝනි මෝකල් පවසයි.
මේ වන විට 33 වැනි වියේ පසුවන මෝකල්, ටෙස්ට් තරග 83 කදී කඩුලු 294 ක්ද, එක්දින තරග 117 කදී කඩුලු 188 ක්ද, විස්සයි20 තරග 44 කදී කඩුලු 47 ක්ද සමගින් බිඳහෙළා ඇති මුලු කඩුලු සංඛ්‍යාව 529 කි.
“මේ තීරණය ගන්න මට හුගක් අමාරු වුණා. ඒත් මම හිතනවා අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න මේක තමයි නියම වෙලාව කියලා.” යැයි සිය සමුගැනීම සම්බන්ධයෙන් මෝකල් පැවසීය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මෝකල් මෙසේද පැවසීය. “මට තියෙන්නේ තරුණ ලමයි ඉන්න පවුලක්. ඒ වගේම මගේ බිරිඳ විදේශිය කාන්තාවක්. දැන් පවතින කාර්ය බහුල ජාත්‍යන්තර තරග රටාවත් එක්ක අපිට එකට ගත කරන්න තියෙන කාළය හුගක් අඩුයි. ඒ අය ගැන හිතලා තමයි මම මේ තීරණය ගන්න පෙළඹුණේ.”
තමා තුළ තවමත් ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බැවින් ජාත්‍යන්තර තරග වලින් සමුගත්තද, තවදුරටත් දේශීය තරග සඳහා මෙන්ම විදෙස් රටවලදී පැවැත්වෙන තරගාවලි සඳහා සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද මොකල් පැවසීය.
ටෙස්ට් කඩුලු 300 සීමාව පස්කර යෑම සඳහා මෝකල්ට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 6 ක් පමණක් වන අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ඔහුට එම කඩයිම පසුකර යෑම ඉඩ තිබේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.