Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කිංග්ස් XI පන්ජාබ් පිල විසින් සෑම් කරන් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් මිලියන 72 ක මුදලක් ගෙවීමෙනි. මෙම මුදල මෙවර අයි.පි.එල්. තරගාවලියේදී විදේශීය ක්‍රීඩකයකු වෙනුවෙන් ගෙවන ලද තුන්වැනි වැඩිම මුදල වුවත් සෑම් කරන් ඒ වනවිට එකම අයි.පී.එල්. තරගයකට හෝ ක්‍රීඩා කර නොතිබිණ.
ගාණ සැර වූවත්, සිය මංගල අයි.පී.එල්. තරගාවලියේදී පන්ජාබ් පිල වෙනුවෙන් හොඳ දස්කම් දැක්වූ සෑම් කරන් මෙවර තරගාවලියේ පළමු වැනි කඩුලු ත්‍රිත්වය හිමිකරගත්තේ දිල්ලි පිල ලකුණු 14 කින් පරාජය කිරීමට මූලිකත්වය ගනිමිනි. පන්ජාබ් පිලේ ආරම්භක පිතිකරුවා වන ක්‍රිස් ගේල් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් යෙදවීමට කළමණාකාරීත්වය ගත් පියවර සහමුලින්ම සාර්ථක වූයේය.
පන්දු 10 කින් ලකුණු 20 ක් ලබාගත් කරන් පන්ජාබ් පිල වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළේ සිය මුල්ම ඕවරයේදී පිතිකරුවන් ලකුණු 7 කට පමණක් සීමා කරමිනි. පසුව ශිකාර් ධවාන්, ශ්‍රියාස් අයියර්, රිෂාබ් පන්ට් සහ කොලින් ඉන්ග්‍රම් එකතුව දිල්ලි පිල ජයග්‍රහණය අසළටම කැඳවාගෙන ගිය නමුත් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් සෑම් කරන් පන්ජාබ් පිල නොසිතූ ජයක් කරා ගෙන ගියේය.
ලකුණු 167 ක ඉලක්කයක් කරා යමින් සිටි දිල්ලි පිල 17 වැනි ඕවරයේදී කඩුලු 3 කට ලකුණු 144 ක් ලබා සිටියේය. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දු 28 කදී ලකුණු 30 කි. නමුත් සෑම් කරන්ගේ කඩුලු ත්‍රිත්වය හේතුවෙන් ලකුණු 8 ක් තුළදී ඉතිරි කඩුලු හතම ඇද වැටිණ. අයි.පී.එල්. තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ළාබාලතම ක්‍රීඩකයා වන්නේ 20 හැවිරිදි සෑම් කරන්ය.
“මම කඩුලු ත්‍රිත්වයක් ගත්තා කියලත් මට ඒ තරම් වැටහීමක් තිබුණේ නෑ. මොකද ජයග්‍රහණය නිසා මොහාලි ප්‍රේක්‍ෂකයන් හිටියේ උන්මාදයෙන් වගේ ප්‍රීති ඝෝෂා කරමින් සිටියේ...අපි තරගය දිනාගත්තාට පස්සේ තමයි ක්‍රීඩකයෙක් ඇවිල්ලා මට කිව්වේ මම කඩුලු ත්‍රිත්වයක් දවාගත්තා කියලා” යයි සෑම් කරන් කීවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස්කළේය. පන්ජාබ් කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 58 ක් ඇතුළත බිඳවැටුණ නමුත් සර්ෆ්‍රාස් ඛාන් (39) සහ ඬේවිඞ් මිලර් (43) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ස්ථාවර තත්වයකට රැගෙන ආහ.
පන්දු 30 කට මුහුණදුන් මිලර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 29 කදී වාර්තා වූ සර්ෆ්‍රාස්ගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් මොරිස් ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගත් අතර සන්දීප් ලැමිච්ානේ සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්ජාබ් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා මොරිස්ට අනගි සහායක් දුන්හ.
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 166
(ලෝකේෂ් රාහුල් 15, සෑම් කරන් 20, සර්ෆරාස් අහමඞ් 39, ඬේවිඞ් මිලර් 43, මන්දීප් සිං නොදැවී 29, ක්‍රිස් මොරිස් 30/3, සන්දීප් ලැමිච්හානේ 27/2, කගිසෝ රබාඩා 32/2)
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 152
(ශිකර් ධවාන් 30, ශ්‍රෙයාස් අයියර් 28, රිෂාබ් පාන්ට් 39, කොලින් ඉන්ග්‍රම් 38, සෑම් කරන් 11/4, මොහොමඞ් සාමි 27/2, රවිචන්ද්‍රන් අෂ්වින් 31/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.