Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner යුනිස්ගේ ද්විත්ව ශතකයෙන් පාකිස්තානය පෙරමුණට

යුනිස්ගේ ද්විත්ව ශතකයෙන් පාකිස්තානය පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


යුනිස් ඛාන්ගේ අති විශිෂ්ට ද්විත්ව ශතකයත් (213) නායක මිස්බා උල් හක් (101) සහ අසාර් අලි (109) දෙදෙනාගේ ශතක දෙකත් නිසා අබුඩාබිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වීමට පෙර පාකිස්තානු පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 570 ක් ලබාගත්තේය. දෙවැනි දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට ඔස්ටේ‍්‍රලියානු පිල ලකුණු 22 ක් ලබාගැනීමට සමත්ව සිටියද ආරම්භක පිතිකරු කි‍්‍රස් රොජර්ස් ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම තරගය ජයගැනීමට පාකිස්තානු පිල සමත් වුවහොත් ඔවුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියකදී පරාජය කරන්නේ වසර 20 කට පසුවය. ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පාකිස්තානු පිලේ අවසන් ටෙස්ට් තරගාවලි ජය වාර්තා වන්නේ 1994 දීය.

ඩුබායිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම ශතක  ලබාගත් යුනිස් ඛාන් නැවත වරක් ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් හමුවේ සිය ආධිපත්‍යය පතුරුවමින් පැය අටහමාරක් පිටියේ රැඳිණ. ඒ අතරවාරයේදී හයේ පහර 2 කින් සහ හතරේ පහර 15 කින් සිය ඉනිම සැරසූ යුනිස් ඛාන්, ග්ලෙන් මැක්ස්වෙල්ට දැවැන්ත හයේ පහරක් ගසමින් ලකුණු 199 පැමිණියේය. ඊළග  ඕවරයේදී යුනිස් සිය ද්විත්ව ශතකය ලබාගත්තේය.

ලකුණු 181 ක් ලබාගැනීමත් සමගම සිය 93 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 8000 සීමාව පසුකළ යුනිස් ඛාන් මේ වන විට පාකිස්තානු පිතිකරුවන් අතරේ ජාවෙඞ් මියැන්ඩාඞ්ට (8832) සහ ඉන්සමාම් උල් හක්ට (8829) පමණක් පසුපසින් සිටී. ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ 28 වැනි පිතිකරුවා යුනිස්ය.

”මට මහත් සතුටක් වගේම ආඩම්බරයකුත් දැනෙනවා. දැන් මගේ එකම බලාපොරොත්තුව  ඕස්ටේ‍්‍රලියානුවන්ට සුද්දයක් දීමයි (ටෙස්ට් තරග දෙකම ජයගනිමින්). ඒත් ඒක ඒ තරම් ලේසි වෙන්නේ නෑ. මොකද ඔවුන් යමක් ලෙහෙසියෙන් අතහරින ආකාරයේ කණ්ඩායමක් නෙමේ” යයි සිය ද්විත්ව ශතකය ලබාගැනීමෙන් අනතුරුව යුනිස් ඛාන් පැවසීය.


පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 6 ට 570
(අහමඞ් ශෙෂාඞ් 35, මොහොමඞ් හෆීස් 45, අසාර් අලි 109, යුනිස් ඛාන් 213, මිස්බා උල් හක් 101, අසාඞ් ශෆීක් 21, සෆ්රාස් අහමඞ් නොදැවී 19, මිචෙල් ස්ටාක් 86/2)

ඕස්ටේ‍්‍රලියාව - පළමු දිනය නතර කරන විට කඩුලූ 1 ක් දැවී 22
(ඬේවිඞ් වෝනර් නොදැවී 12)


අදහස් (0)

යුනිස්ගේ ද්විත්ව ශතකයෙන් පාකිස්තානය පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.