Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන ඇෆ්ගනිස්තානයේ රශීඞ් ඛාන් මෙන්ම බංගලාදේශයේ සකීබ් අල් හසන් සහ ටමීම් ඉක්බාල්ද ලබන මැයි 31 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගයේදී තරග වදින ලෝක කණ්ඩායමට කැදවා ඇත.
රශීඞ් ඛාන් ලෝක විස්සයි 20 පන්දු යවන්නන්ගේ ශේණිගත කිරීම්හී පළමු ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම්හී දෙවන ස්ථානයෙත් පසුවෙයි. බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්ද මෙවර ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අතර ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේත්, විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයෙත් පසුවෙයි. බංගලාදේශයේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ද ලෝක කණ්ඩායම නියෝජනය කිරීමට කැමැත්ත පල කර ඇත.
ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරිමට මෙතෙක් තෝරාගෙන ඇති ක්‍රීඩකයන් 7 දෙනා අතරින් නායක ඔයින් මෝගන් හැර සෙසු ක්‍රීඩකයන් 6 දෙනාම ආසියාතිකයන් වීමද විශේෂත්වයකි. ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ තිසර පෙරේරාට ද අවස්ථාවක් හිමි වී ඇති අතර ඔහු පසුගිය වසරේ පකිස්ථානයට එරෙහිව පැවති තරගයේදිද, ලෝක ක්‍රිකට් කණ්ඩාවයම නියෝජනය කළේය. පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන සහිඞ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික්ද ලෝක කණ්ඩායම නියෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇත.
මෙම තරගය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉර්මා සහ මරියා කුණාටු නිසා විනාශයට පත් වූ කැරබියානු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමයි.
මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස් ගේල්, කොල්කටා කණ්ඩායම නියෝජනය කරන ඔන්ඩි රසල් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන එවින් ලුවිස් ඇතුලු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.