Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රහීම්ගේ ද්විත්ව ශතකය බංග්ලාදේශය ඔසවා තබයි

රහීම්ගේ ද්විත්ව ශතකය බංග්ලාදේශය ඔසවා තබයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම, මුෂ්ෆිකුර් රහීම්ගේ ද්විත්ව ශතකය හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 522 ක් ලබාගත්තේය.

දෙවැනි දිනය වු අද (12 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියේය. දිනය නිමාවන විට බ්‍රයන් චාරී නොදැවී ලකුණු 10 ක් ලබා සිටි කඩුල්ලේ රැදී සිටි අතර රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ඩොනල්ඞ් ටිරිපානෝ ලකුණු ලබාගැනීම අරඹා නොසිටියේය.  

පළමු දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 303 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 219 ක් එක්කර ගත්තේ කඩුලු 2 ක් අහිමිකර ගනිමිනි. එහිදී සිය දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමට මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 219) සමත් විය. ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 18 කින් සමන්විත විය.

මෙහෙදි හසන් (නොදැවී 68) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමිනි බංග්ලාදේශ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 500 සීමාවෙන් ඔබ්බට ගෙනයෑමටද රහීම් සමත් විය. හසන්ගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ කයිල් ජාවිස්, ලකුණු 71 කට කඩුලු 5 ක් දවාගත්තේ අද දිනයේදී බිඳවැටුණ කඩුලු 2 ටද හිමිකම් කියමිනි. බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමදුල්ලා රියාද් ලකුණු 36 ක් ලබා සිටියදී ජාවිස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රේගිස් චකබ්වා අතට උඩ පන්දුවක් දෙමින් දැවීගිය අතර අරිෆුල් හක් ලකුණු 4 කට දැවීගියේ ජාවිස්ගේ පන්දුවක් හමුවේ බ්‍රයන් චාරී අතට උඩ පන්දුවක් දෙමිනි.


බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 522
(මොමිනුල් හක් 161, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 219, මහමදුල්ලා රියාද් 36, මොහෙදි හසන් නොදැවී 68, කයිල් ජාවිස් 71/5)

සිම්බාබ්වේ පළමු ඉනිම - කඩුල්ලක් දැවී 25
(හැමිල්ටන් මසකඞ්සා 14)


-036


අදහස් (0)

රහීම්ගේ ද්විත්ව ශතකය බංග්ලාදේශය ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.