Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි

රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. තරගය ජයගැනීම සඳහා රාජස්ථාන් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 10 ක් රැස්කිරීමට සිදුවූ අතර අවසන් ඕවරයේ දෙවැනි සහ සිව්වැනි පන්දුවලට හතරේ පහරකින් සහ හයේ පහරකකින් සංග්‍රහ කළ ක්‍රිෂ්නප්පා ගෞතම් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 11 කට මුහුණදුන් ගෞතම් හයේ පහර 2 කින් සහ හතරේ පහර 44 කින් සිය ඉනිම සැරසීය.

සංජු සැම්සන් පන්දු 39 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක්ද, බෙන් ස්ටෝක්ස් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සම ලකුණු 40 ක්ද රැස්කරමින් රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු සූර්යකුමාර් යාදව් පන්දු 47 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 72 ක් රැස්කළේය.

ඉෂාන් කිෂන් (58) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද යාදව් සමත් විය. පන්දු 42 කදී වාර්තා වූ කිෂන්ගේ අර්ධ ශතකය හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

මුම්බායි ඉනිමේ 19 වැනි ඕවරයේදී පිට පිටම දවාගත් කඩුලු 2 ත් සමග සිය ඕවර 4 දී ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගැනීමට ජොෆ්රා ආචර් සමත් විය. මුම්බායි පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ධවාල් කුල්කර්ණි ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 167
(සූර්යකුමාර් යාදව් 72, ඉෂාන් කිෂන් 58, කිරන් පොලාඞ් නොදැවී 21, ජොෆ්රා ආචර් 22/3, ධවාල් කුල්කර්ණි 32/2)

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 7 කට 168
(සංජු සැම්සන් 52, බෙන් ස්ටෝක්ස් 40, ක්‍රිෂ්නප්පා ගෞතම් නොදැවී 33, හර්දීක් පාණ්ඩ්‍යා 25/2, ජස්ප්‍රීට් බුම්රා 28/2)

- 036


අදහස් (0)

රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.