Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රාජිත ගාල්ලට දෙවැනි ජයත් ගෙනෙයි

රාජිත ගාල්ලට දෙවැනි ජයත් ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කසුන් රාජිතගේ (28/4) දක්‍ෂ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29) පැවැති දිවා තරගයේදී ගාල්ල පිල ලකුණු 38 කින් දඹුල්ල පිල පරාජය කිරීමට සමත් විය.

ගාල්ල පිල මෙම තරගාවලියේ ලැබූ දෙවැනි ජය මෙය වේ. ඒ හේතුවෙන් දඹුල්ල පිලට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම තහවුරු කරගැනීමට අද දිනය දක්වා බලාසිටීමට සිදුවිය.

දඹුල්ල පිල මෙම තරගය ජය ලැබූවේ නම් තරගයක් ඉතිරිව තිබියදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කය හඹාගිය දඹුල්ල පිලට ඕවර 20 දී කඩුලු 9 ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 125 ක් පමණි.

එහිදී ධනුෂ්ක ගුණතිලක හැරෙන්නට සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළඳගැනීමට සිදුවිය.
ධනුෂ්ක ගුණතිලක අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දු 58 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 73 ක් රැස්කිරීමට සමත් විය.

ගාල්ල පිලේ හයවැනි පන්දු යවන්නා ලෙස කැඳවීම් ලැබූ දකුණතින් වේග පන්දු යවන කසුන් රාජිත ලකුණු 28 කට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.  

යොවුන් පිතිකරු ජෙහාන් ඩැනියල් පන්දු 11 කින් නොදැවී රැස්කළ ලකුණු 24 හේතුවෙන් ගාල්ල පිල ලකුණු 163 ක් දක්වා පැමිණියේය. ඩැනියල්, දඹුල්ල පන්දු යවන්නන්ට අභියෝගයක් වෙමින් ඉනිමට හතර් පහර දෙකක් සහ හයේ පහරක් ඇතුළත් කළේය.  

ඇන්ජලෝ පෙරේරා (34) සහ අසේල ගුණරත්න (13) පිට පිටම පන්දු දෙකකදී දැවී යෑමෙන් ගාල්ල පිල තරමක අසීරු තත්ත්වයකට පත්විය.

ඇන්ජලෝ පෙරේරා පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් රැස්කරමින් ගාල්ල පිල තරමක සතුටුදායක ස්ථානයකට රැගෙන ආවේය.

කුසල් මෙන්ඩිස් පන්දු 32 කින් ලකුණු 58 ක් රැස්කර සිටියදී දුවද්දී දැවී ගියේය. කුසල්ගේ ඉනිමට අලංකාර හතරේ සහ හයේ පහර හතර බැගින් ඇතුළත් විය.  

ප්‍රබල පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න (3) සහ ධනංජය ද සිල්වා (4) අසාර්ථ වීමෙන් ගාල්ල පිලේ ආරම්භය මන්දාගාමී විය.

දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ඇති ක්‍රීඩකයකුට නොගැලපෙන ආකාරයට පන්දුවෙන් දෑස් ඉවත්කරගැනීම නිසා කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම දුවද්දී දැවී යෑමකට හසුකර ගත්තේය.

ගාල්ල පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.


ලකුණු පුවරුව

ගාල්ල පිල
කුසල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා     58
ළහිරු මිලන්ත - ඇ. උදාන ප. අපෝන්සු    4
දිමුත් කරුණාරත්න - දුවද්දී දැවී ගියා    3
ධනංජය ද සිල්වා - ඇ. සදීර ප. සඳකැන්    4
ඇන්ජලෝ පෙරේරා - ඇ. උදාන ප. අපෝන්සු    34
අසේල ගුණරත්න - ඇ. සඳකැන් ප. අපෝන්සු    13
සහන් ආරච්චිගේ - දුවද්දී දැවී ගියා     10
ජෙහාන් ඩැනියල් - නොදැවී    24
දුෂ්මන්ත චමීර - ප. උදාන    0
ප්‍රභාත් ජයසූරිය - නොදැවී    1
අතිරේක    12
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී     163

පන්දුවට පහර නොදුන් පිතිකරු:
කසුන් රාජිත

කඩුලු වැටීම:
1-16(මිලන්ත), 2-29(දිමුත්), 3-54(ධනංජය ද සිල්වා), 4-85(කුසල් මෙන්ඩිස්), 5-122(ඇන්ජලෝ පෙරේරා), 6-122(අසේල), 7-151(සහන්), 8-152(චමීර)

පන්දු යැවීම:
ඉසුරු උදාන: 4-0-36-1, ධනුෂ්ක ගුණතිලක: 3-0-31-0, අමිල අපෝන්සු: 4-0-22-3, ලක්‍ෂාන් සඳකැන්: 4-0-37-1, ෂෙහාන් මධුසංඛ: 2-0-18-0, වනිඳු හසරංග: 3-0-13-0

 

දඹුල්ල පිල

ධනුෂ්ක ගුණතිලක - ඇ. ප්‍රභාත් ප. රාජිත    73
රමිත් රඹුක්වැල්ල - ප. ධනංජය ද සිල්වා    1
සදීර සමරවික්‍රම - ඇ. අසේල ප. සහන්    6
අෂාන් ප්‍රියංජන් - ඇ. අසේල ප. රාජිත    11
හසිත බෝයගොඩ - ඇ. ඇන්ජලෝ පෙරේරා ප. සහන්    6
වනිඳු හසංග - ඇ. කුසල් පෙරේරා ප. රාජිත    6
ඉසුරු උදාන - නොදැවී     7
රමේෂ් මෙන්ඩිස් - ප. රාජිත    9
ෂෙහාන් මධුසංඛ - දුවද්දී දැවී ගියා    0
ලක්‍ෂාන් සඳකැන් - ඇ. මිලන්ත ප. චමීර     0
අමිල අපෝන්සු - නොදැවී    0
අතිරේක    6
එකතුව ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී     125

කඩුලු වැටීම:
1-11(රඹුක්වැල්ල), 2-31(සදීර), 3-75(ප්‍රියංජන්), 4-86(බෝයගොඩ), 5-108(ධනුෂ්ක), 6-109(වනිඳු), 7-124(රමේෂ්), 8-124(මධුසංඛ), 9-125(සඳකැන්)

පන්දු යැවීම:
දුෂ්මන්ත චමීර: 4-1-21-1, ධනංජය ද සිල්වා: 4-0-12-1, සහන් ආරච්චිගේ: 4-0-32-2, අසේල ගුණරත්න: 2-0-22-0, ප්‍රභාත් ජයසූරිය: 2-0-8-0, කසුන් රාජිත: 4-0-28-4

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

රාජිත ගාල්ලට දෙවැනි ජයත් ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.