Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රාහුල් - කුල්දීප් ඉන්දියාව දිනවති

රාහුල් - කුල්දීප් ඉන්දියාව දිනවති

Nisanka Sandeepani - 2018 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆඞ් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. 

වේගවත් පිතිහරඹයක නිරත වූ ලෝකේෂ් රාහුල් පන්දු 54 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන ගියේය. රෝහිත් ශර්මා (32) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රාහුල් සමත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ ශර්මාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිම අඩපණ කිරීමට කුල්දීප් යාදව් සමත් වූයේ ලකුණු 24 කට කඩුලු 5 ක් බිඳ දමමිනි. ඔහුගේ විස්සයි20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම ලෙසද එය වාර්තා විය. ඇලෙක්ස් හේල්ස් (8), ඔයින් මෝගන් (7), ජොනී බෙයාස්ට්‍රෝ (0), ජෝ රූට් (0) යන පිතිකරුවන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කළ යාදව්, එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජොස් බට්ලර්ගේ ඉනිමද ලකුණු 69 කට සීමා කළේය.  

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ජේසන් රෝයි (30) සහ ජොස් බට්ලර් (69) සමත් වූහ. පන්දු 20 කදී වාර්තා වූ රෝයිගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 46 කට මුහුණදුන් බට්ලර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසීය. 

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 159
(ජේසන් රෝයි 30, ජොස් බට්ලර් 69, ඬේව්ඞ් විලී නොදවී 29, කුල්දීප් යාදව් 24/5, උමේෂ් යාදව් 21/2) 

ඉන්දියාව - ඕවර 18.2 කදී කඩුලු 2 ක් දැවී 163 
(රෝහිත් ශර්මා 32, ලෝකේෂ් රාහුල් නොදැවී 101, විරාට් කෝලි නොදැවී 20) 

-036  


අදහස් (0)

රාහුල් - කුල්දීප් ඉන්දියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.