Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය (23 වැනිදා) නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 298 ක් ලබා සිටියේය.
තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ගාල්ල කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 538 ක් ඉදිරියෙන් සිටින අතර රොෂේන් සිල්වා ලකුණු 88 ක්ද, ධම්මික ප්‍රසාද් ලකුණු 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ද්විත්ව ශතකයක් සහ ශතකයක් සමගින් ලකුණු 534 ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින රොෂේන් සිල්වා තවත් ශතකයක් පෙනෙන මානයේ සිටියි. පන්දු 106 කදී වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.
තරමක් වේගයෙන් ලකුණු රැස්කළ උපුල් තරංග පන්දු 111 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 103 ක් රැස්කළේ 92.79 ක ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. රොෂේන් සමග එක්ව ගාල්ල කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද තරංග සමත් විය.
මහනුවර කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ චාමික කරුණාරත්න ලකුණු 61 කට කඩුලු 3 ක් දවාගත් අතර ගාල්ල පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ළහිරු සමරකෝන් ලකුණු 56 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
ගාල්ල කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 90 කදී සියලු දෙනා දැවී 425
(මාධව වර්ණපුර 66, සධීර සමරවික්‍රම 40, රොෂේන් සිල්වා 168, දසුන් ශානක 90, ප්‍රභාත් ජයසූරිය 116/4, චරිත් අසලංක 31/3, ළහිරු සමරකෝන් 87/2)
මහනුවර කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 185
(මහේල උඩවත්ත 27, නිරෝෂන් දික්වැල්ල 39, චාමික කරුණාරත්න 20, ඉසුරු උදාන 35, නිෂාන් පිරීස් 67/6, චතුරංග ද සිල්වා 29/2, නිසල තාරක 47/2)
ගාල්ල කණ්ඩායමේ දෙවැනි ඉනිම - ඕවර 72 කදී කඩුලු 7 ක් දැවී 298
(ළහිරු මිලන්ත 17, උපුල් තරංග 103, සධීර සමරවික්‍රම 17, රොෂේන් සිල්වා 88, නිසල තාරක 18, චාමික කරුණාරත්න 61/3, ළහිරු සමරකෝන් 56/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.