Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර බැංගලෝර්හිදී අද (1 වැනිදා) පැවැති තරගය ලකුණු 14 කින් ජයගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණි.
ලකුණු 47 කට කඩුලු 4 ක් දැවී තිබියදී පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යා පස්වැනි කඩුල්ල සදහා ජේ.පී.ඩුමිණි සමගින් පන්දු 35 කදී ලකුණු 37 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. ඉන් නොනැවතුණු හර්දික් පාණ්ඩ්‍යා හයවැනි කඩුල්ල සදහා කෲනාල් පාණ්ඩ්‍යා සමගින් එක්ව පන්දු 39 කදී ලකුණු 56 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන යාමට උත්සහ කළද එය අසාර්ථක විය.
පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළද ජයග්‍රහණය සදහා එය ප්‍රමාණවත් නොවීය.
ටිම් සෝතී, මොහොමඞ් සිරාජ් සහ උමේෂ් යාදව් කඩුලු 2 බැගින් දවාගනිමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් රැස්කිරීමට සමත්විය.
ආරම්භක පිතිකරු මනන් වෝරා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
තෙවැනි කඩුල්ල සදහා පන්දු 35 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ බ්‍රෙන්ඩන් මැකලම් සහ විරාට් කෝලී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.
බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 37 ක් ද විරාට් කෝලී පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළේය.
ඉනිම අවසානයේ වේගවත් පිතිහරඹයක නිරතවූ කොලින් ඩී’ග්‍රැන්ඩ්හෝම් හයේ පහර 3 ක් සමගින් පන්දු 10 කදී නොදැවී ලකුණු 23 ක් රැස්කිරීමට සමත්විය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ඉනිමේ 18 වැනි ඕවරයේ පළමු පන්දු දෙකේදී මංදීප් සිං සහ විරාට් කෝලී දවාගත් හර්දික් පාණ්ඩ්‍යා අවසන් පන්දුවේදී වොශින්ටන් සුන්දර් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය ලැබූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රෝයල් චැලේන්ජර්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 167
(මනන් වෝරා 45, බ්‍රෙන්ඩන් මැකලම් 37, විරාට් කෝලී 32, කොලින් ඩීග්‍රැන්ඩ්හෝම් නොදැවී 23, හර්දික් පාණ්ඩ්‍යා 28/3)
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 153
(ජේ.පී.ඩුමිනි 23, හර්දික් පාණ්ඩ්‍යා 50, කෲනාල් පාණ්ඩ්‍යා 23, ටිම් සෝතී 25/2, මොහොමඞ් සිරාජ් 28/2, උමේෂ් යාදව් 29/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.