Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජේසන් රෝයිගේ (123) සහ ජෝ රූට්ගේ (102) දක්ෂ පිතිහරඹය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාර්බඩොස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 361 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ජේසන් රෝයිගේ සහ ජෝ රූට්ගේ ශතක ලබාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. පන්දු 85 කදී වාර්තා වූ රෝයිගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් වූ අතර පන්දු 97 කදී වාර්තා වූ රූට්ගේ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය.
ආරම්භක පිතිකරු ජේසන් රෝයි සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රූට්, ඉන් නොනැවතී නායක ඔයින් මෝගන් (65) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය. පන්දු 51 කට මුහුණදුන් මෝගන් හයේ පහර 3 කින් සහ හතරේ පමහර 4 කින් සිය අර්ධ ශතකය සැරසීය.
ජේසන් රෝයි සහ ජොනී බෙයාස්ට්‍රෝ (34) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී වේගවත් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 33 කදී වාර්තා වූ බෙයාස්ට්‍රෝගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු ලකුණු 360 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්, පන්දු 129 කින් ලකුණු 135 ක් රැස්කළේ හයේ පහර 12 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
ශායි හෝප් (64) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 131 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගේල් සමත් වූ අතර පන්දු 65 කට මුහුණදුන් හෝප් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු රැස්කළේය.
ඩැරන් බ්‍රාවෝ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක්ද, ඈෂ්ලි නර්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ බෙන් ස්ටෝක්ස් සහ ආදිල් රෂිඞ් කඩුලු 3 බැගින් දවාගනිමින් කොදෙව් පිතිකරුවන්ට යම් පීඩනයක් එල්ල කළහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 8 කට 360
(ක්‍රිස් ගේල් 135, ජෝන් කැම්බල් 30, ශායි හෝප් 64, ශිම්රන් හැට්මෙයර් 20, ඩැරන් බ්‍රාවෝ 40, ජේසන් හෝල්ඩර් 16 ඈෂ්ලි නර්ස් නොදැවී 25, බෙන් ස්ටෝක්ස් 37/3, ආදිල් රෂිඞ් 74/3, ක්‍රිස් වෝක්ස් 59/2)
එංගලන්ත පිල - ඕවර 48.4 කදී කඩුලු 4 කට 364
(ජේසන් රෝයි 123, ජොනී බෙයාස්ට්‍රෝ 34, ජෝ රූට් 102, ඔයින් මෝගන් 65, බෙන් ස්ටෝක්ස් නොදැවී 20, ජේසන් හෝල්ඩර් 63/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.