Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රෝහිත් ෂර්මාට කලවයේ ආබාධයක්

රෝහිත් ෂර්මාට කලවයේ ආබාධයක්

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියට සංචිතය නම්කිරීමට සතියකට පෙර ඉන්දීය එක්දින කණ්ඩායමේ උපනායක සහ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා දකුණු කළව ප්‍රදේශයේ ආබාධයකට ලක්වී ඇත. අයි.පී.එල්. තරගාවලියේ කිංගස් XI පන්ජාබ් පිලට එරෙහිව අද පැවැත්වෙන තරගයේ පුහුණුවීම් කටයුතු සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වැන්කඬේ ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) සහභාගීවූ අතර ෂර්මා එහිදී ආබාධයට ලක්විය.

වැඩිපුර කාලයක් දැල තුළ පන්දුවට පහරදුන් ශර්මා ඉන් පිටතට පැමිණ දකුණු කළව ප්‍රදේශය අල්ලාගෙන සිටින අයුරු දැකගැනීමට හැකිවිය.

වේදනාවෙන් මුහුණ අකුලාගෙන සිටි රෝහිත් ශර්මා බිම දිගාවූ අතර කඩිනමින් මුම්බායි ඉන්දියන්ස් සහයක කණ්ඩායම ඔහුවෙත පැමිණියේය. භෞතචිකිත්සක නිටින් පතෙල් කඩිනමින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ෂර්මා ක්‍රීඩකයන්ගේ විවේකාගාරය වෙත සෙමින් සෙමින් පියවර තැබීය.

මේ දක්වා ඔහුගේ ආබාධයේ බරපතලකම සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් කණ්ඩායමෙන් ලැබී නොමැති අතර බැලූ බැල්මට දැකගැනීමට හැකිවූයේ කලවයේ නහර සම්බන්ධ ප්‍රශ්නයකි. කලවයේ නහර සම්බන්ධ ආබාධයන්ට සති 2 සිට සති 6 ක කාළයක් දක්වා විවේක ගැනීමට සිදුවන අතර ලෝක කුසලානයට පෙර යථාතත්වයට පත්වීමට ඔහුට එම කාලය ප්‍රමාණවත් වේ.

ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ඉන්දීය සංචිතය මෙම මස 15 වැනිදා නම් කිරීමට නියමිතව ඇත. පළමු තරගය මැයි 30 වැනිදා පැවැත්වෙන අතර ඉන්දියාව ජුනී 5 වැනිදා පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

2015 ලෝක කුසලාන තරගාවලියේදීද ආබාධයකට ලක්වූ රෝහිත් ශර්මාට තරග 3 ක් මඟහැරුණු අතර ඉක්මනින් සුව අතට පත්වූ ඔහු ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා ගෙන ඒමට දායක විය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු තරගයේදීම මුම්බායි කණ්ඩායමේ මෙන්ම ඉන්දීය කණ්ඩායමේද ප්‍රධාන වේගපන්දු යවන්නා වන ජස්ප්‍රීට් බුම්රා ආබාධයකට ලක්වුවද එම ආබාධය මැඩගත් ඔහු සියළු තරග සඳහා එක්විය.

 


අදහස් (0)

රෝහිත් ෂර්මාට කලවයේ ආබාධයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.