Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුවරයාගේ අවවාද නොතකා දෙවැනි ‘බීමර්’ පන්දුවත් යැවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පිලේ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් වැරදිකරු වීම හේතුවෙන් ඔහුගේ තරග මුදලින් 30% ක දඩයක් නියම කර තිබේ.
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර වෙලින්ටන් නුවර වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේ අවසන් ඕවරයේදී ‘බීමර්’ පන්දු (තණතීරුවේ නොවැදී පිතිකරුවාගේ පපුව එල්ලයේ පිත්තටම එන වේග පන්දු) දෙකක් එවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක ඬේවිඞ් බූන් මහතා විසින් මෙම දඩය නියම කර තිබේ.
කී‍්‍රඩක විනය පද්ධතියේ අංක 2.1.8 වගන්තිය ලක්මාල් විසින් උල්ලංඝණය කරනු ලැබ ඇති බවත්, එවැනි හැසිරීමක් කි‍්‍රකට් කී‍්‍රඩාවේ සාරධර්ම වලට පටහැණි බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල නිවේදනයක දැක්වේ.
එංගලන්ත ඉනිිමේ 50 වැනි ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් පසුව විනිසුරු රොඞ්නි ටකර් මහතා විසින් ලක්මාල්ට අවවාද කර ඇති නමුත් ඔහු විසින් දෙවැනි ‘බීමර්’ පන්දුව යැවීමෙන් පසුව ලක්මාල් පන්දු යැවීමෙන් ඉවත් කරන ලදි.
අන්තර්ජාතික තරගයකදී ‘බීමර්’ පන්දු යැවීම නිසා පන්දු යැවීමෙන් ඉවත් කරන ලද පළමු වැනි ශී‍්‍ර ලාංකික පන්දු යවන්නා සුරංග ලක්මාල් බවද නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.