Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර ජායිපූර්හිදී අද (7 වැනිදා) පැවැති තරගය කඩුලු 8 කින් ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 13.5 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ක්‍රිස් ලයන් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්වූ අතර සුනිල් නරේන් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සමත්විය.
පළමු කඩුල්ල සඳහා පන්දු 51 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ක්‍රිස් ලයන් සහ සුනිල් නරේන් සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 139 ක් රැස්කිරීමට සමත්විය.
අර්ධ ශතකයක් ලබාගත් ස්ටීවන් ස්මිත් රාජස්ථාන් ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳීසිටිමින් පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 73 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
දෙවැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 72 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජොස් බට්ලර් සහ ස්ටීවන් ස්මිත් සමත්වූහ.
හැරී ගර්නී සිය ඕවර 4 ලකුණු 25 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගනිමින් කොල්කටා පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය ලැබූ කොල්කටා කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
රාජස්ථාන් රෝයල් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 139
(ජොස් බට්ලර් 37, ස්ටීවන් ස්මිත් නොදැවී 73, හැරී ගර්නී 25/2)
කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 13.5 කදී කඩුලු 2 ක් දැවී 140
(ක්‍රිස් ලයන් 50, සුනිල් නරේන් 47, රොබින් උතප්පා නොදැවී 26, ශ්‍රීයාස් ගෝපාල් 35/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.