Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු (තාවකාලික) නික් පොතාස් මහතා සහ පුහුණු කාර්යමණ්ඩලයේ තවත් දෙදෙනෙක් මේ මස 29 වැනිදා ලාහෝරයේදී පැවැත්වෙන විස්සයි-20 තරගය සඳහා යාම ප්‍රතික්ෂේප කරති. ඔවුන් මෙම සංචාරය ප්‍රතික්ෂේප කරන්නේ ලාහෝරයට පැමිණීමේදී රාජ්‍ය නායකයකුට ලැබෙන ආරක්‍ෂාව සැපයීමට පාකිස්තානය පොරොන්දු වී සිටියදීය.
කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා වන නිර්මලන් ධනබාලසිංහම් සහ අභ්‍යාසකවරයා වන නික් ලී දෙදෙනාත් පුහුණු කාර්යමණ්ඩලයේ අය අතුරින් ලාහෝර් යාම ප්‍රතික්ෂේප කරති. එසේ වුවත් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා ඇතුළු පුහුණු කාර්යමණ්ඩලයේ සිටින හය දෙනෙක් ලාහෝර් යාමට කැමැත්ත පළකර තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ විමසීමකදී දැනගත හැකිවූයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නම් ඇමරිකානු ඩොලර් මිලියනයක පමණ රක්‍ෂණාවරණයක් තමන්ට ලබා දෙන ලෙස පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයන් ඉල්ලා සිටි බවයි.
“එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් එහෙම දෙයක් දෙන්නත් බෑ. අනෙක එක් පුද්ගලයකුට ඩොලර් මිලියනයක රක්‍ෂණාවරණයක් බැගින් දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුළුවන් කමකුත් නෑ” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය 16 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියේ මේ මස 29 වැනිදා ලාහෝරයේදී පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගය සඳහා ක්‍රීඩා කිරීමට තමන් එකඟ වී සිටින බවත් ඒ වෙනුවෙන් කණ්ඩායමක් සහභාගි කරවන බවත්ය. ලාහෝර් තරගය සඳහා යාමට ශ්‍රී ලංකා පුහුණු කාර්යමණ්ඩලයේ සියලු දෙනා ඒ වන විටත් කැමති වී සිටි නමුත් නික් පොතාස්, නිර්මලන් ධනබාලසිංහම් සහ නික් ලී තිදෙනා සෙනසුරාදා කියා සිටියේ ලාහෝර් බලා යාමට තමන්ට නොහැකි බවයි.
“නික් (ප්‍රධාන පුහුණුකරු) එහි යන්නේ නෑ කියලා මට කියලා නෑ”
“අපි පාකිස්තානයේ ඉන්න යන්නේ යන්තම් දවසකට ටිකක් වැඩි කාලයක්. ඒත් අපි එහි ගිහින් මේ දකුණු ආසියාතික රටේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව නැවත යථා තත්ත්වයට ගන්න එක ඉතාමත් වැදගත් දෙයක්” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබිණ.
මෙම සංචාරය සඳහා සුමතිපාල මහතාත් එක්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානු ආරක්‍ෂක නිලධාරීන්ගේ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී සිටී.
ලාහෝර් තරගය සඳහා සහභාගි වීමට අකමැත්ත පළකළ නායක උපුල් තරංග, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල සහ චාමර කපුගෙදර විස්සයි-20 සංචිතයෙන්ම ඉවත් කරන ලදි. ඒ අනුව 26 වැනිදා සහ 27 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන තරග දෙකටම සහභාගි වීමේ අවස්ථාව ඔවුන් වෙතින් ගිළිහී ගොස් තිබේ.
වසර දෙකකට ඉහතදී තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයට පැමිණි නමුත් කිසිම ප්‍රධාන පෙළේ ක්‍රිකට් කණ්ඩායමක් තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.