Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටොම් ලැතම් (නොදැවී 103) සහ රොස් ටේලර් (95) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 200 ක සම්බන්ධතාවය හේතුවෙන් මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකරගැනීමට නවසීලන්තය සමත්විය. ඒ අනූව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 3-1 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකිවිය.
ජයග්‍රහණය සදහා ලකුණු 281 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 200 ක සම්බන්ධතාවය පැවැත්වූ ටොම් ලැතම් සහ රොස් ටේලර් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
සිවුවැනි එක්දින ශතකය පන්දු 95 කදී වාර්තා කළ ටෝම් ලැතම් තරගය අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 103 ක් රැස් කළේය. පන්දු 102 කදී වාර්තාවූ ලැතම්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර අටක් ඇතුළත් විය.
ශතකය පෙනි පෙනී තම කඩුල්ල පූජා කිරීම හේතුවෙන් රොස් ටේලර් ලකුණු 95 කට දැවී ගියේය. පන්දු 100 කදී වාර්තාවූ රොස් ටේලර්ගේ ඉනිමට හතරේ පහර අටත් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 280 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. සිය 200 වැනි එක්දින තරගයට ක්‍රීඩා කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ විරාට් කෝලී 31 වැනි එක්දින ශතකය පන්දු 111 කදී ලබාගැනීමට සමත්විය. විරාට් කෝලී ලකුණු 121 ක් රැස්කර සිටියදී ටිම් සෝතීගේ පන්දුවක් හමුවේ ටේරන්ට් බෝල්ට් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. දැවීයන විට පන්දු 125 කට මුහුණදුන් කෝලීගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර නවයක් ඇතුළත්විය.
ඉන්දීය පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් පන්දු යැවූ ටේරන්ට් බෝල්ට් ඕවර 10 ක් යවමින් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත් අතර පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වූ ටිම් සෝතී ඕවර 10 ක් යවමින් ලකුණු 73 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 280
(රෝහිත් ශර්මා 20, විරාට් කෝලී 121, දිනේෂ් කාර්තික් 37, මහේන්ද්‍ර සිං දෝනී 25, බුවනේෂ්වර් කුමාර් 26, ටේරන්ට් බෝල්ට් 35/4, ටිම් සෝතී 73/3)
නවසීලන්තය - ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 284
(මාටින් ගප්ටිල් 32, කොලින් මුන්රෝ 28, රොස් ටේලර් 95, ටොම් ලැතම් නොදැවී 103)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.