Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලීග් ශූරතාව මේරියන්ස්ට

ලීග් ශූරතාව මේරියන්ස්ට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැති තරග වටයේදී ප්‍රසාද ලකුණු 118.94 ක් හිමිකරගත් හලාවත් මේරියන්ස් කණ්ඩායම ශූරතාව හිමිකර ගැනීමට අද (18 වැනිදා) සමත්විය.

හලාවත මේරියන්ස් කණ්ඩායම හමුවේ අද පරාජයට පත්වූ එස්.එස්.සී. කණ්ඩායමට ප්‍රසාද ලකුණු 93.28 ක් හිමිවූ අතර අනුශූරතාවයෙන් සැහීමට පත්වන්නට ඔවුන්ට සිදුවිය.

මූලික වටයේදී තරග හයකට ක්‍රීඩාකළ හලාවත මේරියන්ස් කණ්ඩායම තරග 5 ක් ජයගත් අතර එක් තරගයක ලකුණු සමවීමෙන් අවසන්විය. අපරාජිතව සුපිරි කණ්ඩායම් අට සමගින් පැවැත්වෙන තරගාවලිය වෙත පිවිසි හලාවත මේරියන්ස් කණ්ඩායම එහිදි පැවැති තරග හතරම ජයගනිමින් ශූරතාවය දිනා ගත්තේය.

එස්.එස්.සී. කණ්ඩායම මූලික වටයේදී තරග හයකට ක්‍රීඩාකරමින් එක් තරගයක් ජයගත් අතර තරග පහක් ජයපරාජයෙන් තොරව අවසන් කරගැනිමට ඔවුන් සමත්වූහ. සුපිරි කණ්ඩායම් අට සමගින් පැවැත්වෙන තරගාවලිය වෙත පිවිසි එස්.එස්.සී. කණ්ඩායම තරග හතරට ක්‍රීඩාකරමින් තරග තුනක් ජයගත් අතර අවසන් තරග හලාවත මේරියන්ස් හමුවේ පරාජයට පත්විය.

තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට හලාවත් මේරියන්ස් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ සමත්විය. තරග 10 කට ක්‍රීඩාකළ සචිත්‍ර ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 901 ක් රැස්කිරීමට සමත්විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ සචිත්‍ර සේරසිංහ කඩුලු 35 ක්ද දවාගනිමින් හලාවත් මේරියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකවිය.

කඩුලු 70 ක් දවාගත් හලාවත් මේරියන්ස් කණ්ඩායමේ නායක මාලින්ද පුෂ්පකුමාර තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දුයවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්විය. තරග 10 කට ක්‍රීඩා කළ මාලින්ද කඩුලු පහ බැගින් අවස්ථා හතකදී සහ කඩුලු 10 බැගින් එක් අවස්ථාවකදි දවාගනිමින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවීය.

 

හලාවත මේරියන්ස් සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් පිලට ලකුණු 264 ජයක්

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 103.5 කදී සියලුදෙනා දැවී ලකුණු 372
(අශේන් සිල්වා 105, ශෙහාන් ජයසූරිය 146, සචිත්‍ර සේරසිංහ 30, රිසිත් උපමාල් 24, රුක්ෂාන් ප්‍රනාන්දු නොදැවී 20, අක්තාබ් කාදර් 79/4, සචිත්‍ර සේනානායක 103/4)
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 66.2 කදී සියලුදෙනා දැවී ලකුණු 232
(කවිඳු කුලසේකර 47, චාමර කපුගෙදර 63, සම්මු අශාන් 72, ශෙහාන් ජයසූරිය 48/4, තීක්ෂිල ද සිල්වා 27/3, මාලින්ද පුෂ්පකුමාර 80/2)
හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 105.3 කදී සියලුදෙනා දැවී ලකුණු 399
(ශෙහාන් ජයසූරිය 88, ඕෂධ ප්‍රනාන්දු 31, සචිත්‍ර සේරසිංහ 37, රුක්ෂාන් ප්‍රනාන්දු 78, රිසිත් උපමාල් නොදැවී 88, තීක්ෂිල ද සිල්වා 31, ආකාෂ් සේනාරත්න 72/4, සචිත්‍ර සේනානායක 134/4, කසුන් මදුශංක 48/2)
එස්.එස්.සී. - දෙවැනි ඉනිම - ඕවර 72.2 කදී සියලුදෙනා දැවී ලකුණු 275
(මිනෝද් භානුක 21, චරිත් අසලංක 45, සම්මු අශාන් 83, සචිත්‍ර සේනානායක 45, කසුන් මදුශංක 20, ශෙහාන් ජයසූරිය 65/4, පුලින තරංග 11/3, මාලින්ද පුෂ්පකුමාර 112/3)

 

කෝල්ට්ස් සහ එන්.සී.සී. කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. පිලට ඉනිමක සහ ලකුණු 143 ක ජයක්

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(නිසල තාරක 25, කවිශ්ක අංජුල 20, ලසිත් ඇඹුල්දෙණිය 33/5, ළහිරු කුමාර 26/4)
එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 121.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 618
(ළහිරු උදාර 157, භානුක රාජපක්ෂ 134, මහේල උඩවත්ත 106, ඇන්ජලෝ පෙරේරා නොදැවී 129, චාමික කරුණාරත්න 54, ප්‍රභාත් ජයසූරිය 224/4, නිසල තාරක 100/3, හෂාන් දුමිඳු 39/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 111.4 කදී සියලුදෙනා දැවී ලකුණු 348
(හෂාන් දුමිඳු 37, සහන් ආරච්චිගේ 116, ප්‍රියමාල් පෙරේරා 70, අවිශ්ක ප්‍රනාන්දු 23, නිසල තාරක 26, කවීශ අංජුල 29, සචින්ත පිරීස් 65/5, තරිඳු කෞශාල් 46/2, ළහිරු කුමාර 83/2)

 

වරාය අධිකාරිය සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරිය කණ්ඩායමට කඩුලු 6 ක ජයක්

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 111 කදී සියලුදෙනා දැවී ලකුණු 311
(තනුක දාබරේ 20, ඇන්ඩි සොලමන්ස් 48, මොහොමඞ් ජලීල් 56, ගමිඳු අමරසිංහ 35, හර්ෂ කුරේ 41, අශේන් බණ්ඩාර නොදැවී 87, චරිත් ජයම්පති 43/3, චානක කොමසාරූ 96/3, මදුක ලියනපතිරණගේ 50/2)
වරායඅධිකාරිය - පළමු ඉනිම - ඕවර 58.2 කදී සියලුදෙනා දැවී ලකුණු 220
(නික් කොම්ප්ටන් 103, ඉශාන් රංගන 34, ගිහාන් රූපසිංහ 38, මොහොමඞ් දිල්ශාඞ් 51/4, රනිත ලියනාරච්චි 53/4)
සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(හර්ෂ කුරේ 29, රනිත ලියනාරච්චි 34, චරිත් ජයම්පති 33/5, චානක කොමසාරූ 34/3)
වරායඅධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 55.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 213
(යොහාන් ද සිල්වා 36, නික් කොම්ප්ටන් 95, ඉශාන් රංගන 41)

 

රාගම සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී. පිලට කඩුලු 8 ක ජයක්

රාගම - පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(ළහිරු මිලන්ත 23, අක්ශු ප්‍රනාන්දු 41, හිමේෂ් රාමනායක 29/5, සුරාජ් රංදීව් 27/2)
බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලුදෙනා දැවී ලකුණු 149
(ලසිත් ලක්ෂාන් 35, හිමේෂ් රාමනායක 38, ශශින් දිල්රංග 20, ඉෂාන් ජයරත්න 54/4, නිශාන් පිරීස් 06/2, සහන් නානායක්කාර 15/2, උදිත් මදුශාන් 48/2)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(ළහිරු මිලන්ත 37, රොෂේන් සිල්වා 34, සමීර ද සොයිසා 25, සුරාජ් රංදීව් 08/5, තිලකරත්න සම්පත් 48/2)
බී.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 19.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 119
(ලසිත් ලක්ෂාන් 23, තිලකරත්න සම්පත් නොදැවී 50, රුමේෂ් බුද්ධික නොදැවී 34)

 


අදහස් (0)

ලීග් ශූරතාව මේරියන්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.