Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලොක්කෝ තුන්දෙනාම වරද පිළිගනිති

ලොක්කෝ තුන්දෙනාම වරද පිළිගනිති

Nisanka Sandeepani - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද විනය නීති මාලාවේ 2.3.1 වගන්තියට අනුව ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කරමින් 3 වැනි මට්ටමේ වරදක් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ යන මහත්වරුන් විසින් පිළිගනු ලැබ ඇත. 

ජාත්‍යන්තර ක්‍රිකට් සභා විනය නීති මාලාවේ 5.2 වගන්තියට අනුව දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කර දඩුවම් නියම කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් විනිසුරු කොමසාරීස්වරයකු ලෙස නීතිඥ මයිකල් බිලොෆ් මහතා පත්කර තිබේ. පන්දුවේ ස්වභාවය වෙනස් කළේ යැයි තරග තීරක විසින් දෙන ලද තීරණයට එරෙහිව දිනේෂ් චන්දිමාල් ගොනුකළ අභියාචනය විභාග කිරීම සඳහාද පත්කරන ලද්දේ නීතිඥ බිලොෆ් මහතාමය. 

බටහිර ඉන්දීය කොදෙව් සමූහයට අයත් ශාන්ත ලුසියා හිදි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කරමින් පැය දෙකක පමණ කාලයක් පිටියට නොපිවිසීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා විසින් ඔවුන් තිදෙනාට චෝදනා ගොනුකර තිබිණ. 

මෙම ක්‍රියාව ක්‍රිකට් ක්‍රීඩාවේ නිතී බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් වන අතර ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනි බවත් රිචඞ්සන් මහතා පවසා තිබිණ. 

විනය නීති මාලාවේ 3 වැනි මට්ටමේ වරදක් හේතුවෙන් තහංචි ලකුණු 4 සිට 8 දක්වා හිමිවීමට ඉඩ තිබේ. 

 


අදහස් (0)

ලොක්කෝ තුන්දෙනාම වරද පිළිගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.