Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලෝකෙට ලොක්කාත් වායු දූෂණය ගැන හොයයි

ලෝකෙට ලොක්කාත් වායු දූෂණය ගැන හොයයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩකයන් අපහසුතාවට පත්වන තත්ත්වයේ මීදුමක් නවදිල්ලියේදී පවතිද්දී ශ්‍රී ලංකාව සමගින් ටෙස්ට් තරගයක් පවත්වාගෙන යාම නිවැරදි ක්‍රියාවක්ද යන්න සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සූදානම් වෙයි.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක පාලනාධිකාරිය වන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නිවේදනයකින් ඒ බව කියැවේ.

“තරගය පැවැති තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව සටහනක් තබාගෙන තිබුණා. ඉදිරියේදීත් එවැනි තත්ත්වයක් ඇතිවුහොත් ඒ සම්බන්ධයෙන් නිර්දේශයක් දීමට අවශ්‍ය වේවිද යන්න සෙයා බලන ලෙෂ වෛද්‍ය මණ්ඩලයෙන් මේ වනවිටත් ඉල්ලීමක් කරලා තියෙන්නේ” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් නිකුත් කරන ලද නිවේදනයක සටහන් වී තිබිණ.

ශ්‍රී ලංකා - ඉන්දීය තුන්වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මුහුණු අවරණ පැළඳ තරග කළහ. මෙම තරගය පසුගිය බදාදා ජය පරාජයෙන් තොරව අවසන් වූවත් දෙපිලේම පන්දු යවන්නන් පිටිය මැද වමනය කළ ආකාරය දැකගත හැකිවිය.

දිල්ලියේ පවතින වාතයේ සංයුතිය අනුව ස්වසනයට හානිකර වියහැකි කුඩා අංශූවල ප්‍රතිශතය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරක්‍ෂිත සීමාවට වඩා 18 ගුණයකින් වැඩි බව එක්සත් ජනපද තානාපති කාර්යාලයීය වෙඞ් අඩවි වාර්තා වලින් කියැවෙයි. මෙම වාය දූෂණය ඉහළම තත්ත්වයක පවතින නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අන්තර්ජාතික තරග සංවිධායන කිරීමේ අවසරය නවදිල්ලියට නොදෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් නිවේදනය කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑමක් විය හැකි කිසියම් තත්ත්වයක් පවතින්නේ නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක කමිටුවට ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම එහි වෛද්‍ය මණ්ඩලයේ කාර්යයකි. ඒ සම්බන්ධයෙන් ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමටද නියමිතය.


අදහස් (0)

ලෝකෙට ලොක්කාත් වායු දූෂණය ගැන හොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.