Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් ඉවත් කරනු ලැබ තිබේ. හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ හිටපු උප නායක නිරෝෂන් දික්වැල්ල දෙදෙනාම මෙම සංචිතයෙන් ඉවත් කරනු ලැබ සිටිති. ඔවුන් දෙදෙනට අමතරව හිටපු ආරම්භක පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග දෙදෙනාත් මෑත කාලයේ සිටි සාර්ථකම දඟ පන්දු යවන්නකු වන අකිල ධනංජයත් ලෝක කුසලාන සංචිතයට ඇතුලත්ව නැත.
දඟ පන්දු යවන්නන් වන ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන සංචිතයට කැඳවා සිටිති. නායකත්වයෙන් ඉවත් කළ ලසිත් මාලිංග සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස සංචිතයට ඇතුළත්ව සිටියි.
ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.