Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට දූෂණ හෝ තරග පාවාදීමේ චෝදනා එල්ල වී නැතිබවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තමන්ට සහතික කර සිටි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේදී කතාබහට ලක්වූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් 4 දෙනෙකු සම්බන්ධයෙන්ද අවසන් නිගමනයකට පැමිණ නැති බවත් එහිදී අන්තර් ජාතික ක්‍රිකට් සභාව තමන්ට තවදුරටත් සහතික වී සිටි බවත් එහිදී ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නකිරීම් රැසකට පිළිතුරු දෙමින් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.
“මේක දැන් ලොකු ප්‍රශ්නයක් කරගෙන රටේ බොහෝ තැන්වල කතාබහ කරනවා. අපේ ක්‍රීඩකයන්ට නැති ප්‍රශ්නයක් හදන්න යනවා. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියන්නේ ඔය කියන ආකාරයට අපි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට බරපතල අන්දමේ චෝදනා කරලා නෑ කියලයි”
“ඒ අනුව ඔවුන් සහතික කරනවා වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයකුට එවැනි දූෂණ චෝදනා එල්ලවෙලා නෑ කියලා. අද සමාජ ජාලා ඔස්සේ මේ සම්බන්ධයෙන් විවිධ මත අදහස් පලකරනවා”
“ක්‍රිකට් නිලවරණයට තරගවදින ජයන්ත ධර්මදාස මහතාගෙන් මම රුපියල් මිලියන 50ක් ගත්තා කියලා වට්ස් ඇප් පණිවිඩයකුත් ඇවිල්ලා. ඒවත් අර එල්ල වූ ක්‍රිකට් දූෂණ චෝදනා වගෙයි”
මේ අතර ඇමතිවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේ මින් පසුව ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වයේ ප්‍රශ්න නොනගින බවයි.
“මම ලසිත් මාලිංග, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් ගෙනැල්ලා සාකච්ඡා කළා. දැන් ඒ අය අතර කිසිඳු ප්‍රශ්නයක් නැහැ.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් ඇමතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“චන්දික හතුරුසිංහ මහතා ගැන අද බොහෝ දෙනා කතාබහ කරනවා. නමුත් ඔහු ඉවත් කළ යුතු යැයි මම කියන්නේ නෑ. ඔහුට පුහුණුකරු ලෙස කරන ගෙවීම් ගැනත් බොහෝදෙනා කතාබහ කරනවා”
“පුහුණුකරුගෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබෙන්නේ නැතිනම් ඒකත් ප්‍රශ්නයක්. මොකද ඔහු මිලියන හය හතක මාසික ගෙවීම් ලබන්නකු බවට පත්වෙලා ඉන්නවා. එහෙම නම් පුහුණුකරුටත් වගකීමක් පැවරෙනවා”
“මා විශ්වාස කරන්නේ මෙතැනදී කළ යුත්තේ පුහුණුකරුට නියමිත ඉලක්කයක් පැවරීමයි. එතැනදි ඒ ගෙවීම් ලබන්න නම් ඔහුගෙන් කණ්ඩායමට අවම වශයෙන් සියයට 60ක පමණ වන තරග සාර්ථකත්වයක්ලැබිය යුතුයි කියන නියාමනයක් ඇතිකළ යුතු බවයි මගේ පුද්ගලික අදහස වන්නේ”
මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසුවේ ලසිත් මාලිංග හා තිසර පෙරේරාගේ ප්‍රශ්නය තමන් ඔවුන් දෙදෙනා කැඳවා විසඳූ බවයි.
මින් ඉදිරියට කිසිඳු ප්‍රශ්නයක් ඇතිකර නොගන්නා බවත්, සුහදව කටයුතු කරන බවට පොරොන්දු වූ බවත්, ඔවුන්ගේ භාර්යාවන්ද ප්‍රශ්නය මෙතැනින් අවසන් කර දැමීමට එකඟ වූ බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.