Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා රංගන් හේරත්

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා රංගන් හේරත්

Nisanka Sandeepani - 2017 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඩයලොග් ආයතනය එක්ව 9 වැනි වරටත් සංවිධානය කළ ‘ඩයලොග්’ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී (2017) ශ්‍රී ලංකා පිලේ ජේෂ්ඨ දඟපන්දු යවන්නා වන රංගන් හේරත් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවාය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ 2016 වසරේ අන්තර්ජාතික දස්කම් ඇගැයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී ඊයේ (31) පැවැත්විණි.
 
ලෝක ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ටතම වමත් වේග පන්දු යවන්නකු මෙන්ම ඉන්දියානු ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන කපිල් දේව් මහතා මෙම සම්මාන උළෙලට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද මෙම උත්සවයට සහභාගි විය.
 
වසරේ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ දක්ෂතම තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා, වසරේ දක්ෂතම විස්සයි20 පිතිකරු සහ වසරේ දක්ෂතම තුන් ඉරියව් විස්සයි20 ක්‍රීඩකයා යන සම්මාන හතරකින් පිදුම් ලැබීමට අසේල ගුණරත්න සමත්විය.
 
ජාත්‍යන්තර තරග සදහා වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට අමතරව වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනිය සහ වසරේ දක්ෂතම විස්සයි20 පිතිකාරිනිය යන සම්මාන ද්විත්වයත් දේශීය තරග සදහා වසරේ දක්ෂතම තුන් ඉරියව් විස්සයි20 ක්‍රීඩිකාව සහ වසරේ දක්ෂතම තුන් ඉරියව් එක්දින ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වයත් සමගින් සම්මාන 5 ක් හිමිකර ගැනීමට චමරි අතපත්තු සමත්වූවාය.
 
අන්තර්ජාතික දස්කම් වෙනුවෙන් සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්:
 
● වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - රංගන හේරත්
● වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව - චමරි අතපත්තු
● වසරේ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රිකට් ක්‍රීඩකයා - අසේල ගුණරත්න
● වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා - නිරෝෂන් දික්වැල්ල
● වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු - ධනංජය ද සිල්වා
● වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා - රංගන හේරත්
● වසරේ දක්ෂතම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා - ඩිල්රුවන් පෙරේරා
● වසරේ දක්ෂතම එක්දින පිතිකරු - කුසල් මෙන්ඩිස්
● වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා - සුරංග ලක්මාල්
● වසරේ දක්ෂතම තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා - අසේල ගුණරත්න
● වසරේ දක්ෂතම විස්සයි20 පිතිකරු - අසේල ගුණරත්න
● වසරේ දක්ෂතම විස්සයි20 පන්දු යවන්නා - ලසිත් මාලිංග
● වසරේ දක්ෂතම තුන් ඉරියව් විස්සයි20 ක්‍රීඩකයා - අසේල ගුණරත්න
● වසරේ දක්ෂතම විස්සයි20 පිතිකාරිනිය - චමරි අතපත්තු
● වසරේ දක්ෂතම විස්සයි20 පන්දු යවන්නිය - සුගන්දිකා කුමාරී
● වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනිය - චමරි අතපත්තු
● වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය - ඉනෝකා රණවීර
● වසරේ ක්‍රිකට් මාධ්‍යවේදියා - චම්පික ප්‍රනාන්දු (ඬේලී මිරර්/සන්ඬේ ටයිම්ස්)
● වසරේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයා - කුමාර් ධර්මසේන
 
 
ඡායාරූප_ඉන්ද්‍රරත්න බාලසූරිය

අදහස් (0)

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා රංගන් හේරත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.