Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වැන්ඩසේට වසරක අත්හිටවූ තහනමක්

වැන්ඩසේට වසරක අත්හිටවූ තහනමක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය සංචාරයේදී විනය විරෝධී හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට සෑම ආකාරයේම ක්‍රිකට් තරග සඳහා වසරක අත්හිටවූ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඊට අමතරව වැන්ඩසේගේ වාර්ෂික ගිවිසුම්ගත මුදලින් 20% ක් දඩයක් ලෙසින්ද ඔහුට නියම කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීමේදී වැන්ඩසේ අයත්වන්නේ සිවුවැනි කාණ්ඩයටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට වැඩිදුරටත් දන්වා ඇත්තේ මෙම අත්හිටවූ තහනම ක්‍රියාත්මක වන සමයේදී ගිවිසුම් කඩකිරීමක් සිදුවුවහොත් ඉතාමත් දැඩිව ක්‍රියාකරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් තබා ඇති ගිවිසුම උල්ලංඝණය කරමින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර වැන්ඩසේ කටයුතු කර තිබීම ඔහුට එරෙහිව මෙම තරග තහනම සහ දඩ මුදල නියම කිරීමට හේතු වී තිබේ.

ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමෙන් අනතුරුව වැන්ඩසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් තිදෙනෙකු සමග රාත්‍රී කාලයේදී ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටත්ව ගොස් ඇත.

ඔහු සමග පිටත්ව ගිය සෙසු ක්‍රීඩකයන් තිදෙනා නැවත හෝටලයට පැමිණියද, වැන්ඩසේ නැවත හෝටලයට පැමිණ ඇත්තේ පසුදින උදෑසනය. ඒ වන විටත් හෝටලය තුළ සිටිය යුතු වේලාව තුළ ඔහු එහි නොසිටීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කලමණාකාරීත්වය එරට පොලිසියට පැමිණිල්ලක්ද කර තිබිණ.

නැවත හෝටලයට පැමිණීමෙන් පසුව වැන්ඩසේ කණ්ඩායමේ කලමණාකාරීත්වයට පවසා ඇත්තේ තමා සමග හෝටලයෙන් පිටතට ගිය සෙසු ක්‍රීඩකයන්ට තමාව මඟහැරුණු බවත්, ඒ හේතුවෙන් නැවත හෝටලයට ඒමට පාර සෙයාගත නොහැකිව තමා අතරමං වූ බවත්ය.

මෙම සිදුවීම හේතුවෙන් තරගාවලිය අතුරතුර වැන්ඩසේ ආපසු ශ්‍රී ලංකාවට එවීමට කණ්ඩායම් කලමණාකාරීත්වය පියවර ගත්තේය. පසුව ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා මෙම තරග තහනම සහ දඩ මුදල නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.


- 036

 


අදහස් (0)

වැන්ඩසේට වසරක අත්හිටවූ තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.