Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වෝනර් දෙවැනි ශතකයත් ලබාගනී

වෝනර් දෙවැනි ශතකයත් ලබාගනී

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (12 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 5 ක් දැවී ලකුණු 290 ක් ලබා සිටියේය.

ඒ අනුව මේ වන විට  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාවට වඩා ලකුණු 363 ක් ඉදිරියෙන් සිටින අතර තරගය නතර කරන විට කඩුල්ලේ රැදීසිටි ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 52 ක් සහ බ‍්‍රැඞ් හැඞ්න් නොදැවී ලකුණු 14 ක් බැගින් ලබා සිටියහ.

අද දිනයේදී සිය 11 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.

මෙම තරගයේ මුල් ඉනිමේදීද ශතකයක් ලබා ගැනීමට වෝනර් (145) සමත් වූ අතර ඔහු මෙවන් දස්කමක් දැක්වූ (ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස්කළ) පළමු අවස්ථාව මෙයයි.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිලට සියලූ දෙනා දැවී ලකුණු 444 ක් රැස්කළේය.

ඉන්දීය ඉනිමේ අවසන් කඩුලූ 5, ලකුණු 45 ක් තුළ දවාගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නේදන් ලයන් ලකුණු 134 කට කඩුලූ 5 ක් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් අසරණ තත්ත්වයකට පත්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 7 ක් දැවී ලකුණු 517 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා ඉන්දීය පිලට ආරාධනා කර සිටියේය.

හෙට (13 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 517
(ඬේවිඞ් වෝනර් 145, මයිකල් ක්ලාක් 128, ස්ටීවන් ස්මිත් නොදැවී 162, මිචෙල් මාර්ෂ් 41, මොහොමඞ් සාමි 120/2, වරුන් ඒරන් 136/2, කරන් ශර්මා 143/2)

ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 444
(මුරලි විජේ 53, ශිකර් ධවාන් 25, චෙටේස්වාර් පුජාරා 73, විරාත් කෝලි 115, අජන්ක්‍යා රහනේ 62, රෝහිත් ශර්මා නොදැවී 43, රිධිමන් සාහා 25, මොහොමඞ් සාමි 34, නේදන් ලයන් 134/5 පීටර් සිඞ්ල් 88/2, මිචෙල් ජොන්සන් 102/2)

 ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - කඩුලූ 5 ක් දැවී 290
(කි‍්‍රස් රොජර්ස් 21, ඬේවිඞ් වෝනර් 102, ෂේන් වොට්සන් 33, ස්ටීවන් ස්මිත් නොදැවී 52, මිචෙල් මාර්ෂ් 40, බ‍්‍රැඞ් හැඞ්න් 12, කරන් ශර්මා 95/2)


 

- 036


අදහස් (0)

වෝනර් දෙවැනි ශතකයත් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.