Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වෝනර් - ස්මිත් අපසු එන බවට ප්‍රබල ඉඟියක්

වෝනර් - ස්මිත් අපසු එන බවට ප්‍රබල ඉඟියක්

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලි කඩදාසියක් උපයෝගී කරගනිමින් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ, ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපු උපනායක ඬේවිඞ් වෝනර් දෙදෙනාම ලබන මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පෙරහුරු තරගාවලියකට මුහුණ දිය යුතුව තිබෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීහු කියති. ලෝක කුසලාන තරගාවලියට යන නවසීලන්ත කණ්ඩායමම නොව, ඊට වඩා ශක්තියෙන් අඩු නවසීලන්ත කණ්ඩායමක් සමග ලබන මාසයේ බ්‍රිස්බේන්හිදී  පැවැත්වෙන මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම යනු වෝනර් සහ ස්මිත් දෙදෙනාම ලෝක කුසලාන තරගාවලියට තෝරාගනු ලබන බවට ලැබෙන පළමු ඉඟියයි. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන සඳුදා (15 වැනිදා) නම් කිරීමට නියමිතය. 

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී පසුගිය වසරේ මාර්තු මාසයේ පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ සිදුවීමෙන් පසු වෝනර් හෝ ස්මිත් දෙදෙනාගෙන් කවරෙක් හෝ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා නොකළේය. 

නවසීලන්තයේ කණ්ඩායමකට එරෙහිව, මැයි මස 5, 7 සහ 9 දිනවලදී පැවැත්වෙන මෙම පෙරහුරු තරග තුනම නිල එක්දින තරග නොවේ. එහෙත් එහෙත් ඕස්ට්‍රේලියානු නිල ඇඳුමෙන් තරග කරන බැවින්ද, ලෝක කුසලාන තරගාවලිය සඳහා පූර්ව සූදානමක් වන හෙයින්ද, වෝනර් සහ ස්මිත් දෙදෙනාටම මෙම තරගාවලිය ඉතාම වැදගත් වේ. 

නවසීලන්තයේ කණ්ඩායම ක්‍රීඩකයෝ 13 දෙනකුගෙන් සමන්විත වන අතර ටොම් ලෙතම් එහි නායකත්වය දරයි. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට නම් කරන ලද නවසීලන්ත ක්‍රීඩකයන් 15 දෙනාගෙන් 10 දෙනකුම මෙම තරගාවලියට නොපැමිණෙති. 

එසේ වුවත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සම්පූර්ණ ලෝක කුසලාන කණ්ඩායමම මෙම තරගාවලියට සහභාගි වෙයි. 

නවසීලන්තයේ සිට බ්‍රිස්බේන් බලා එන කණ්ඩායම 
ටොම් ලෙතම් (නායක), ටොඞ් ඇස්ට්ල්, හමීෂ් බෙනට්, ටොම් බ්ලන්ඩල්, ඩග් බ්‍රේස්වෙල්, මැතිව් හෙන්රි, ඩැරිල් මිචෙල්, ජේම්ස් නීෂම්, හෙන්රි නිකොල්ස්, හමීෂ් රදර්ෆර්ඞ්, බ්ලෙයාර් තික්නර්, ජෝර්ජ් වර්කර් සහ විල් යංග්

 


අදහස් (0)

වෝනර් - ස්මිත් අපසු එන බවට ප්‍රබල ඉඟියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.