Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ විනය කඩ කිරීමක් හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට එවීමට කණ්ඩායම් කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් තබා ඇති ගිවිසුම උල්ලංගණය වන පරිදි වැන්ඩසේ කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කණ්ඩායමේ කලමණාකාරීත්වය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු ආපසු දිවයිනට ගෙන්වාගැනීමට සිදුවූ බවත් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිතුත් කරමින් පවසයි.
වාර්තා වන පරිදි වැන්ඩසේ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් තිදෙනෙකු ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමෙන් අනතුරුව රාත්‍රී කාලයේදී ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටත්ව ගොස් ඇත.
ඔහු සමග පිටත්ව ගිය සෙසු ක්‍රීඩකයන් තිදෙනා නැවත හෝටලයට පැමිණියද, වැන්ඩසේ නැවත හෝටලයට පැමිණ ඇත්තේ පසුදින උදෑසනය. නවාතැන් ගන්නාහෝටලය තුළ සිටිය යුතු වේලාව තුළ ඔහු එහි නොසිටීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කලමණාකාරීත්වය එරට පොලිසියට පැමිණිල්ලක්ද කර තිබිණ.
නැවත හෝටලයට පැමිණීමෙන් පසුව ඔහු කණ්ඩායමේ කලමණාකාරීත්වය පවසා ඇත්තේ තමා සමග හෝටලයෙන් පිටතට ගිය සෙසු ක්‍රීඩකයන්ට තමාව මඟහැරුණු බවත්, ඒ හේතුවෙන් නැවත හෝටලයට ඒමට පාර සෙයාගත නොහැකිව තමා අතරමං වූ බවත්ය.
ඉකුත් වසරේදී ඉන්දීය සංචාරයට සහභාගි වීමට නියමිතව සිටියදී පළමු පෙළ තරගවලට සහභාගි වීමෙන් වැලකී සිටම හේතුවෙන් මින් පෙරද වැන්ඩසේට විනය චෝදනා එල්ල වී තිබේ.
අතීතයේ සිටම බටහිර ඉන්දීය දූපත් සමූහයේ සංචාරය කරන ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩකයෝ මෙම දූපත් වලදී නිතරම විනය විරෝධී චෝදනාවලට ලක්වෙති.
1980 දශකයේදී එංගලන්තයේ ඉයන් බොතම්ද 1990 දශකයේදී පාකිස්තානයේ ක්‍රීඩකයෝ පිරිසක්ද පසුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ද විනය විරෝධී චෝදනාවලට ලක්වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.