Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විස්සයි20 තරගයේ ජයත් එංගලන්තයට

විස්සයි20 තරගයේ ජයත් එංගලන්තයට

ශනුක අරවින්ද - 2018 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී ඊයේ (27 වැනිදා) පැවැති එකම විස්සයි20 තරගයෙන් ලකුණු 28 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. මින් පෙර පැවැති එක්දින තරගාවලියද 5-0 ක් ලෙස පරාජයට පත්ව සිටි ඕස්ට්‍රේලියාව, පිට පිටම එංගලන්තය හමුවේ පරාජයට පත් වූ 6 වැනි අවස්ථාව ලෙස මෙය සටහන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 19.4 ක් අවසානයේ ලකුණු 193 කට සීමා කිරීමට ආදිල් රෂීඞ් සහ ක්‍රිස් ජෝඩාන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී රෂීඞ් ලකුණු 27 කට කඩුලු 3 ක්ද, ජෝඩාන් ලකුණු 42 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඒරන් ෆින්ච් පන්දු 41 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 84 ක් රැස්කරීමට සමත් වුවද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී ඇස්ටන් ඒගර් (29) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෆින්ච් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ ජේසන් රෝයි (44) සහ ජොස් බට්ලර් (61) සමත් වූහ. පන්දු 26 කදී වාර්තා වූ රෝයිගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ බට්ලර්ගේ අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඇලෙක්ස් හේල්ස් (49) සහ ජෝ රූට් (35) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 72 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. පන්දු 24 කට මුහුණදුන් හේල්ස්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසීය.

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 221 
(ජේසන් රෝයි 44, ජොස් බට්ලර් 61, ඔයින් මෝගන් 15, ඇලෙක්ස් හේල්ස් 49, ජෝ රූට් 35, මිචෙල් ස්වෙප්සන් 37/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 193 
(ඩි’ආසි ෂෝට් 16, ඒරන් ෆින්ච් 84, ට්‍රැවිස් හෙඞ් 15, ඇස්ටන් ඒගර් 29, ඇන්ඩෘ ටේ 20, ආදිල් රෂීඞ් 27/3, ක්‍රිස් ජෝදාන් 42/3, ලයෑම් ප්ලන්කට් 34/2)

-036


අදහස් (0)

විස්සයි20 තරගයේ ජයත් එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.