Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 27 වැනිදා පැවැත්වෙන විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් අහිමි වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට විස්සයි20 සංචිතයෙන්ද කපා දමා තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් විස්සයි20 සංචිතට ඇතුළත්ව සිටියි.
ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත එම සංචිතයට ශ්‍රී ලංකාව වෙනුවෙන් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ද නම් කරනු ලැබ සිටියි. තවමත් 20 වැනි වියේ පසුවන කමිඳු දේශීය විස්සයි20 තරග 6 කදී ලකුණු 45 ක් රැස්කරමින් කඩුලු 2 ක් බිඳහෙළා තිබේ. දෑතින්ම පන්දු යැවීමේ හැකියාව ඇති ක්‍රීඩකයකු වන ඔහු ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායකත්වයද දරා ඇත.
ආබාධයකට ලක්වීම නිසා එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය අතරමැදදී ඉවත් වූ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා මෙන්ම සාජාහිදී පැවැති ඇෆ්ගනිස්තාන ප්‍රියමිර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානද මෙම විස්සයි20 තරගය සඳහා යළිත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටිති.
එක්දින සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් අතරින් උපුල් තරංග, අමිල අපොන්සු සහ සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයන්ට විස්සයි20 සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ. ඔවුන් අතරින් අපොන්සු සහ සධීර විස්සයි20 සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම්කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
තිසර පෙරේරා (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, කසුන් රාජිත, නුවන් ප්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන්
අතිරේක ක්‍රීඩකයෝ
අමිල අපොන්සු, සධීර සමරවික්‍රම, ෂෙහාන් ජයසූරිය සහ ෂෙහාන් මධුෂංක
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.