Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර කුවීන්ස් ලෑන්ඞ්ස්හිදී ඊයේ (17 වැනිදා) පැවැති විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 10 කට සීමා කෙරුණ අතර එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 87 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය. මැක්ස්වෙල්ට හැරණුකොට සෙසු පිතිකරුවන් කිසිවකුට ලකුණු අතරට ඒමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ.
ක්‍රිස් ලයන් පන්දු 10 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 14 ක් රැස්කළ අතර පන්දුවට පහරදුන් සෙසු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සියලු දෙනා ලකුණු 10 සීමාව පසුකර යෑමට පවා අසමත් වූහ. ක්‍රිස් මොරිස්, ලුංගි න්ගිඩි සහ ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 108 ක් ලබාගත් අතර නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 15 කදී ලකුණු 27 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
ක්වින්ටින් ඩි’ කොක් (22) සහ රීසා හෙන්රික්ස් (19) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 17 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්හ. පන්දු 16 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 8 කදී වාර්තා වූ හෙන්ඩ්‍රික්ස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.
දකුණු අප්‍රිකාව - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 108
(ක්වින්ටින් ඩි’ කොක් 22, රීසා හෙන්රික්ස් 19, ෆෆ් ඩුප්ලෙසි 27, හෙන්රිච් ක්ලාසේන් 12, ඇන්ඩෘ ටේ 18/2, නේදන් කූල්ටර් නයිල් 19/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 87
(ක්‍රිස් ලයන් 14, ග්ලේන් මැක්ස්වෙල් 38, ක්‍රිස් මොරිස් 12/2, ලුංගි න්ගිඩි 16/2, ඇන්ඩිල් පෙලුක්වායෝ 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.