Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් සංවිධානය කළ විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25 වැනිදා) සමත්විය. ඇන්ටිගුහාහී ශ්‍රීමත් විවියන් රිචඞ් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 15.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
ඇෂ්ලිෆ් ගාර්ඞ්නර් සහ මැග් ලැනිංග් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 56 කදී ලකුණු 62 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. ඇෂ්ලිෆ් ගාර්ඞ්නර් 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස්කළ අතර මැග් ලැනිංග් පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 106 ක් රැස්කළාය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඇලීසා හිලී ලකුණු 22 කට දවාගැනීමට සොෆී එක්ලෙස්ටන් සමත්වූ අතර බෙත් මුනී ලකුණු 14 කට දවාගැනීමට ඩැනියෙලා හසල් සමත්වූවාය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට ඕවර 19.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 105 ක් පමණි.
ආරම්භක පිතිකාරිය ඩැනියෙලා වයට් පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළ අතර හෙදර් නයිට් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 25 ක් රැස්කිරීමට සම්තවූවාය.
ඩැනියෙලා වයට් සහ හෙදර් නයිට්ට අමතරව වෙන කිසිම ක්‍රීඩිකාවකට ලකුණු 6 සීමාව පසුකිරීමට අවස්ථාවක් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ගෙන් හිමිනොවූහ.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් ඇෂ්ලිෆ් ගාර්ඞ්නර් කඩුලු 3 ක් දවාගත් අතර ජෝර්ජියා වරේහාම් සහ මේගන් චූට් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
තරගාවලියේ දක්ෂතව ක්‍රීඩිකාව ලෙස ඇලීසා හිලී සම්මාන දිනාගත්තාය.
එංගලන්තය - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 105
(ඩැනියෙලා වයට් 43, හෙදර් නයිට් 25, ඇෂ්ලිෆ් ගාර්ඞ්නර් 22/3, ජෝර්ජියා වරේහාම් 11/2, මේගන් චූට් 13/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 15.1 කදී කඩුලු 2 ක් දැවී 106
(ඇලීසා හිලී 22, ඇෂ්ලිෆ් ගාර්ඞ්නර් නොදැවී 33, මැග් ලැනිංග් නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.