Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමවෙයි

විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමවෙයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (25 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද ඉන්දියාවට හැකිවිය.

පළමු තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයගත් අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

සාර්ථක ආරම්භයක් ලබාගනිමින් වේගවත් පිතිහරඹයක නිරතවූ රෝහිත් ශර්මා සහ ශීකර් ධවාන් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 33 කදී ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ විරාට් කෝලී පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 61 ක් රැස්කිරීමට සමත්විය.

ඩිනේෂ් කාර්තික් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 39 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද කෝලී සමත් වූයේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 164 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන්වූ ඩි‘ආරචී ශෝට් සහ ඒරන් ෆින්ච් එකතුව පළමු කඩුල්ල සඳහා පන්දු 51 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ. ඩි‘ආරචී ශෝට් (33), ඒරන් ෆින්ච් (28) සහ ඇලෙක්ස් කේරී (27) ඕස්ටේ්‍රලියා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූ අතර හත්වැනි කඩුල්ල සඳහා එක්වූ මාකස් ස්ටොයිනිස් සහ නීල් කූල්ටර්නයිල් පන්දු 16 කදී ලකුණු 33 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

සිය ඕවර 4 ලකුණු 36 කට සීමාකළ කෘනාල් පාණ්ඩ්‍යා කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 164
(ඩි‘ආරචී ශෝට් 33, ඒරන් ෆින්ච් 28, ඇලෙක්ස් කේරී 27, මාකස් ස්ටොයිනිස් නොදැවී 25, කෘනාල් පාණ්ඩ්‍යා 36/4)

ඉන්දියාව - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 168
(රෝහිත් ශර්මා 23, ශීකර් ධවාන් 41, විරාට් කෝලී නොදැවී 61, ඩිනේෂ් කාර්තික් නොදැවී 22)

 


අදහස් (0)

විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.