Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විඃ20 වැඩිම ලකුණු ලෝක වාර්තාව ශර්මාට

විඃ20 වැඩිම ලකුණු ලෝක වාර්තාව ශර්මාට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවා බවට රෝහිත් ශර්මා අද (8 වැනිදා) පත්විය. නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඞ්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී අර්ධ ශතකයක් (50) ලබාගනිමින් මෙම දස්කම කිරීමට ශර්මා සමත්විය.

තරග 92 කට සහභාගි වෙමින් ඉනිම 84 කදී ලකුණු 2288 ක් මේ වනවිට රැස්කර ඇති ශර්මා ශතක 4 ක් සහ අර්ධ ශතක 16 ක් ලබාගැනීමට සමත්වී ඇත. රෝහිත් ශර්මාගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 32.68 ක් වන අතර ඉනිමක ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 118 කි. තරග 14 කදී නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත්වූ ඔහු හයේ පහර 102 ක් සහ හතරේ පහර 204 ක් එල්ල කර ඇති අතර අවස්ථා 6 කදී ලකුණු නොලබාම දැවීගොස් ඇත.

නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලිය ආරම්භවීමට පෙර තෙවැනි ස්ථානයේ පසුවූ රෝහිත් ශර්මාට පළමු තරගයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණක් පමණි.

නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් තරග 76 කදී ලකුණු 2272 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර තරග 111 කදී ලකුණු 2263 ක් රැස්කළ පාකිස්තානයේ ශොයිබ් මලික් තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

2016 ජනවාරී මාසයේ 1 වැනිදා සිට මේ දක්වා පැවැති ජාත්‍යන්තර තරග වලදී හයේ පහර 202 ක් එල්ල කරමින් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ පිතිකරුවා මෙන්ම ජාත්‍යන්තර තරග වලදී මේ වනවිට වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ලකළ පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ රෝහිත් ශර්මා රැඳී සිටින්නේය. ජාත්‍යන්තර තරග වලදී හයේ පහර 476 ක් එල්ල කරමින් ශහීඞ් අෆ්රිඩි සහ කොදෙව් දුපත්හී ක්‍රිස් ගේල් වැඩිම හයේ පහර සංඛ්‍යාවක හිමිකරුවන් වුහ.

සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ලකුණු 15921 ක් සහ එක්දින ලකුණු 18426 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තවමත් පෙරමුණේ පසුවන්නේය.

 


අදහස් (0)

විඃ20 වැඩිම ලකුණු ලෝක වාර්තාව ශර්මාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.