Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වි:20 තරගාවලියට පාකිස්තානයෙන් නොවෙනස් පිලක්

වි:20 තරගාවලියට පාකිස්තානයෙන් නොවෙනස් පිලක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කණ්ඩායමට එරෙහිව ඉකුත් සැප්තැම්බර් මස ලාහෝර් නුවරදී පැවැති විස්සයි20 තරගාවලියට සහභාගි වූ පාකිස්තාන කණ්ඩායමම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහාද සහභාගි කරවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකයා ලෙස සර්ෆ්‍රාස් අහමඞ් කටයුතු කරන අතර පිය පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින මොහොමඞ් අමීර් යම් හෙයකින් තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටියහොත් ඔහුගේ හිඩැස පිරවීම සඳහා උස්මාන් ඛාන් සූදානමින් තබා තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය තුළදී හටගත් පාදයේ අබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත් වූ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක අමීර් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව විස්සයි20 තරගාවලියට සහභාගි වීමට නියමිතය.

පාකිස්තාන සංචිතය නම් කිරීමේදී තුන් ඉරියව් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති අතර මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, ඉමාඞ් වසීම් සහ ශඩාබ් ඛාන් ඒ අතර වෙති. බොහෝ දුරට ඔවුන් සිවුදෙනා විස්සයි20 තරග තුනටම ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ.

දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය මේ මස 26 වැනිදාද, දෙවැනි තරගය 27 වැනිදාද අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඉන් අනතුරුව 29 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගය සඳහා කණ්ඩායම් දෙක පාකිස්තානයේ ලාහෝර් නුවර බලා පිටත්ව යෑමට නියමිතය.


පාකිස්තාන විස්සයි20 සංචිතය
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), ෆකාර් සමාන්, අහමඞ් ශේෂාඞ්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, මොහොමඞ් හෆීස්, ඉමාඞ් වසීම්, ශඩාබ් ඛාන්, මොහොමඞ් නවාස්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, ආමේර් යමීන්, මොහොමඞ් අමීන්, රුම්මාන් රායිස්, උස්මාන් ඛාන් සහ උමාර් අමීන්


- 036

 


අදහස් (0)

වි:20 තරගාවලියට පාකිස්තානයෙන් නොවෙනස් පිලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.