Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 98 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 72 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මුලු ලකුණු සංඛ්‍යාව 2 ක් වන විට බංග්ලාදේශ පිතිකාරිණියන් දෙදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට උදේෂිකා ප්‍රබෝධනි සමත් වූයේ ඔවුන් ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශෂිකලා සිරිවර්ධන සිය ඕවර 4 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත්තේ බංග්ලාදේශ නායිකා සල්මා ඛාතුන්ගේ කඩුල්ලද සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් බංග්ලාදේශ ඉනිමේ පසුපෙළ සුනුවිසුණ කර දැමුවාය.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ නිගාර් සුල්තානා පන්දු 41 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් ලබාගත් අතර ඇය දැවී ගියේ ඩිලානි මනෝදරාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවෙමිනි. ඕෂදී රණසිංහ සහ ඉනෝෂි ප්‍රියදර්ෂනී අතරේද කඩුල්ල බැගින් බෙදී ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 97 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශෂිකලා සිරිවර්ධන පන්දු 33 කදී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
ඩිලානි මනෝදරා හතරේ පහරක් සමග ලකුණු 16 ක්ද, චමරි අතපත්තු හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද, නිලක්ෂි ද සිල්වා හයේ පහරක් සමග ලකුණු 12 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ශෂිකලාට අනගි සහායක් දුන්හ.
තරගයේ පළමු පන්දුවේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යෂෝධා මෙන්ඩිස්ගේ කඩුල්ල බිඳ දැමීමට සමත් වූ ජහනරා අලාම්, ඉන් නොනැවතී දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි ශෂිකලා සිරිවර්ධන සහ නිලක්ෂි ද සිල්වාද පිටියෙන් ඉවත් කළාය.
බංග්ලාදේශ නායිකා සල්මා ඛාතුන්ගේ පන්දුවක් හමුවේ ඇය අතටම උඩ පන්දුවක් දෙමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු දැවී ගියාය. ඩිලානි මනෝදරා දැවී ගියේ ජහනරා අලාම්, ඛදීජා තුල් කුබ්‍රා සහ රුමානා අහමඞ් එක්ව සාර්ථක කරගත් දුවද්දී දවාගැනීමකට මැදි වෙමිනි.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 97
(ඩිලානි මනෝදරා 16, චමරි අතපත්තු 12, ශෂිකලා සිරිවර්ධන 31, නිලක්ෂි ද සිල්වා 12, ජහනරා අලාම් 21/3)
බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 72
(නිගාර් සුල්තානා 20, චමරි අතපත්තු 17/3, උදේෂිකා ප්‍රබෝධනී 6/2, ශෂිකලා සිරිවර්ධන 10/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.