Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේදී පැවති ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ කිරීම තම උත්සාහය බව එහි කළමණාකාරිනිය වන ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය කියයි. එවිට මෙම ක්‍රීඩකයින්ට දක්ෂ පුහුණුකරුවන්ගේ සේවය හිමිවන අතරම ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින්ට හිමි වන සියලු වරප්‍රසාද ද හිමි වන බවත් ඔවුන් මුහුණ දෙන සම්පත් ඌනතාවයටද පිළියමක් ලැබෙන බවත් කළමණාකාරවරිය වැඩිදුරටත් පැවසුවාය.
සෙනසුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමේ කළමණාකාරවරිය ඒ බව කීවාය.
මෙම කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සංගම් වල නිලධාරීහු සහ එම ක්‍රීඩකයින්ගේ දෙමාපිය නෑදෑ හිතවත්හු විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. ජයග්‍රාහී ක්‍රීඩකයින් සහ එම කණ්ඩායමේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මල් මාල පළඳවමින් ඉතා උසස් ආකාරයට පිළිගනු ලැබිණ.
මෙම ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය වන ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය කියා සිටියේ තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී පළමුව ක්‍රීඩකයන් 60 දෙනෙකු තෝරාගෙන පසුව ඔවුන් අතරින් 15 දෙනෙකු තෝරා ගත් බවයි.
“මේ කණ්ඩායම සතියකට දින 03 ක් බැගින් මාස 05 ක් වැනි කාලයක් පුහුණුවීම් වල නිරත වුණා. මෙම ජයග්‍රහණයට අපේ කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ උනන්දුව සහ කැපවීමත් විශාල වශයෙන් හේතු වුණා” යයිද ආරියරත්න මහත්මිය පැවසුවාය.
මෙම තරගාවලියට රටවල් 08 ක් සහභාගි වීමට නියමිතව සිටියද බංගලාදේශය, පකිස්තානය සහ එංගලන්තය යන රටවල් ඊට සහභාගි වී නැත. එහෙත් ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව මෙන්ම ඉන්දියාව (අවසන් තරගයට පෙර දෙවරක්) පරාජය කිරීමට ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට හැකිවිය.
“ඒකෙන් අපගේ ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්යය ගොඩාක් ඉහළ නැංවුණා....අපගේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අතරතුර තුවාල සිදු උනත් ඒවා අමතක කර තරගය නිමා වන තෙක් ක්‍රීඩා කළා....එයත් මෙම ජයග්‍රහණයට හේතුවක් උනා” යයිද ආරියරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම ජයග්‍රහණය නිසා ලබන වසරේ නොවැම්බර් මාසයේ රටවල් 05 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ශ්‍රව්‍යාබාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් සදහා ආරාධනා දැනටමත් අපේ කණ්ඩායමට ලැබී තිබෙනවා යැයි ද ඇය අනාවරණය කළාය .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.