Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට එන්න පෙර රබාඩාට විවේකයක්

ශ්‍රී ලංකාවට එන්න පෙර රබාඩාට විවේකයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් පන්දු යවන්නා වන කගීසෝ රබාඩාට අයි.පී.එල්. තරගාවලිය අහිමි වී තිබේ. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබුණද පිටකොන්දේ ආබාධය හේතුවෙන් ඔහුට මාස තුනක්වත් තරග බිමෙන් ඉවත්ව සිටීමට සිදුවන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කියයි.

සියලුම ශාරීරික ක්‍රියාකාරකම් වලින් මිදී අවම වශයෙන් මාසයක පමණ කාලයක් විවේක ගැනීමට රබාඩාට සිදුව ඇතැයිද ඉන් අනතුරුව පුනරුත්ථාපන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ක්‍රම ක්‍රමයෙන් නැවතත් තරග බිමට අවතීර්ණ විය යුතුයයිද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කළමණාකරු, වෛද්‍ය මොහොමඞ් මුසාජි මහතා පැවසීය.
 
“අපේ අරමුණ වෙන්නේ එයාට හොඳ විවේකයක් දීලා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියට ගෙනයන්නයි” යයිද වෛද්‍ය මුසාජි මහතා පැවසීය.

තවමත් 22 හැවිරිදි වියේ සිටින රබාඩා ඉතාමත් කෙටි කලකින් ලෝකයේ පන්දු යවන්නන් අතර හිණිපෙත්තටම නැගී වේග පන්දු යවන්නෙකි. එහෙත් දිගින් දිගටම ක්‍රීඩාවේ යෙදීමත්, ඬේල් ස්ටේන් කණ්ඩායමේ නොසිටීම නිසා වැඩි වැඩියෙන් පන්දු යැවීමට සිදුවීමත් හේතුවෙන් දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණිය වෙනුවෙන් වැඩි බරක් ඉසිළීමට රබාඩාට සිදුවිය.

නිමාවූ දකුණු අප්‍රිකානු ගිම්හානයේදී පැවැති ටෙස්ට් තරග 10 ටම ක්‍රීඩා කළ රබාඩා කඩුලු 56 ක් දවාගත් අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 16.98 කි. මෙම තරග සමයේදී එක්දින තරග 8 කටද රබාඩා ක්‍රීඩා කළේය.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවට 3-1 ක ජයක් හිමිවූ අතර රබාඩා එම තරගාවලියේ වීරයාද විය. එහෙත් තරගාවලියේ අවසන් කොටස වෙද්දී සිය උපරිම වේගයෙන් පන්දු යැවිය නොහැකිව සිටි රබාඩා, ජොහැන්නස්බර්ග් නුවරදී පැවැති සිවුවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී යැවූයේ ඕවර 8 ක් පමණි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට එන්න පෙර රබාඩාට විවේකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.