Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය නැවතත්

ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය නැවතත්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය නැවත වරක් ශ්‍රී ලංකාවට හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති’ යනුවෙන් පවත්වාගෙන යන ‘ට්විටර්’ සම්බන්ධතාව මගින් පණිවුඩයක් නිකුත් කර ඇති ශම්මි සිල්වා මහතා සෙනසුරාදා (02) ඩුබායි රාජ්‍යයේදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගි වෙමින් සිටී.

“මාස 9 ක කාලයක් පුරා ‘නිරීක්‍ෂක’ මට්ටමට ඇද වැටී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත වරක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති බව මම සතුටින් ප්‍රකාශ කරමි. මේ අවස්ථාවේදී මම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාණ්ඩලික රැස්වීමට සහභාගි වෙමින් සිටින්නෙමි” යයි ශම්මි සිල්වා මහතා සිය ට්විටර් පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය නැවතත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.