Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවේ පළමු අභියෝගය නවසීලන්තයට එරෙහිව

ශ්‍රී ලංකාවේ පළමු අභියෝගය නවසීලන්තයට එරෙහිව

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 12 වැනි වරටත් සංවිධානය කරන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ මැයි මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේදී හා වේල්සයේදී පැවැත්වේ. 2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පළමු තරගය ජුනි 1 වැනිදා නවසීලන්තයට එරෙහිව කාඩීෆ්හිදී පැවැත්වෙයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එහි පෙරමුණේ රැදී සිටි කණ්ඩායම් අට මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නිරායාසයෙන් සුදුසුකම් ලබා ගත්හ. ඕස්ටේ්‍රලියාව, බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්තානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව ඒ සදහා නිතරගයෙන්ම සුදුසුකම් ලැබූ රටවල් වෙති.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරන අතර ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 8ට අමතරව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් පසුව බටහිර ඉන්දිය කොදෙව් සහ ඇෆ්ඝනිස්ථානයත් ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අතරට එක්වූහ.

සුදුසුකම් ලබා ගැනීම සදහා වූ තරගාවලිය සිම්බාබ්වේහිදී පැවැත්විණ. එහි අවසන් මහා තරගය ඇෆ්ගනිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති අතර එහි ශූරතාවය දිනා ගනු ලැබුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසිනි. එහෙත් කොදෙව් පිල මෙන්ම ඇෆ්ඝනිස්ථානය යන  කණ්ඩායම් දෙකම 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්හ.

ලෝක කුසලාන තරගාවලියක් සඳහා එංගලන්තය සත්කාරතක්වය දරන්නේ පස් වැනි වතාවටය. මීට පෙර මංගල ලෝක කුසලාන තරගාවලියද (1975 දී) ඇතුළුව 1979, 1983 සහ 1999 යන වර්ෂයන්හිදී ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලි එංගලන්තයේදී පැවැත්විණ.

2019 ලෝක කුසලාන තරගාවලිය තරග 48 ක් පැවැත්වෙන අතර මූලික වටයේදී එක් කණ්ඩායමක් සෑම කණ්ඩායමක් සමගම (තරග 9කට)  තරග වදිනු ඇත. තරගාවලියේ මූලික වටය අවසානයේ එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගනු ඇත. මෙය 1992 දී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූ ක්‍රමයම වෙයි.

2019 මැයි මස 30 වැනිදා සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වේ.  පුරා දින 46 ක් පුරා ක්‍රීඩාංගණ 11 කදී මෙවර  තරගාවලිය පැවැත්වෙන අතර අවසන් මහා තරගය ජූලි 14 වැනිදා ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව 1996 වර්ෂයේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුව ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත් අතර 2007 සහ 2011 යන වර්ෂයන්හීදී අනුශූරතාවයෙන් සෑහීමට සිදු විය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාල සටහන

ජුනි 1 - නවසීලන්තයට එරෙහිව කාර්ඩිෆ්හිදී
ජුනි 4 - ඇෆ්ඝනිස්තානයට එරෙහිව කාර්ඩිෆ්හිදී
ජුනි 7 - පාකිස්තානයට එරෙහිව බ්‍රිස්ටල්හිදී
ජුනි 11 - බංගලාදේශයට එරෙහිව බ්‍රිස්ටල්හිදී
ජුනි 15 - ඕස්ටේ‍රිලියාවට එරෙහිව ද ඕවල්හිදී
ජුනි 21 - එංගලන්තයට එරෙහිව ලීඩ්ස්හිදී
ජුනි 28 - දකුණු අප්‍රිකාවට එරෙහිව චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී
ජූලි 1 - බටහිර ඉන්දීය කොදෙව්වට එරෙහිව චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී
ජූලි 6 - ඉන්දියාවට එරෙහිව ලීඩ්ස්හිදී

 

- 024

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ පළමු අභියෝගය නවසීලන්තයට එරෙහිව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.