Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක

ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක

Nisanka Sandeepani - 2019 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය. ඒ අනුව කඩුලු 7 ක් අතැති ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට තවත් ලකුණු 221 ක් පසුපසින් සිටින්නේය.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක් සහ කුසල් පෙරේරා ලකුණු 12 ක් රැස්කරමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 31 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට මේ වනවිට සමත්වී ඇත.

ඩුඈන් ඔලිවර් විසින් යවන ලද බවුන්සර් පන්දුවකට පහරක් ගැසීමට යාමේදී පිත්තේ යම්තම් වැදුණු පන්දුව කඩුලු රකින්නා වෙත යෑම නිසා කුසල් මෙන්ඩිස්ට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 42 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න සමත්වුවද පිට පිට ඕවර 2 කදී ඔවුන් දෙදෙනා දැවීයාම හේතුවෙන් ශ්‍රී ලංකාව නොසිතූ ඇබැද්ධියකට ලක්විය.

කෝඩුකාර ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සත්කාරකයන්ගේ දෙවැනි ඉනිම ලකුණු 259 දී නතර කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. මුල් ඉනිමේදී හිමිවූ ලකුණු 44 ක අවාසිය හේතුවෙන් මෙම තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 304 ක ඉලක්කයක් කරා යාමට සිදුවී තිබේ.

දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 227 ක් ලබා සිටි සත්කාරකයෝ වරෙක කඩුලු 5 ක් දැවී ලකුණු 251 ක් ලබා සිටියහ. එහෙත් වර්නන් ෆිලැන්ඩර් දවාගැනීමෙන් පසුව විනාඩි 36 ක් තරම කෙටි කාලයක් ඇතුළතදී ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු එක්ව දකුණු අප්‍රිකානු පිලේ අවසන් කඩුලු පහම ලකුණු 8 කට බිම දැමූහ.

සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක් දවාගත් සිව්වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා වූ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 66 කට කඩුලු 5 ක් දවාගත්තේය. ඇඹුල්දෙණිය තරමටම අගනා පන්දු යැවීමක නිරත වූ වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ලකුණු 71 කට කඩුලු 4 ක් හිමිකරගත්තේය. ලසිත් ඇඹුල්දෙණියට පෙර කෝසල කුරුප්පුආරච්චි (1986 දී) උපුල් චන්දන (වසර 1999 දී) සහ අකිල ධනංජය (2018 දී) සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් බැගින් දවාගෙන තිබිණ.

ඉනිම ආරම්භයේදී දුවද්දී දැවී යාමකින් යන්තමින් ගැලවුණු දකුණු අප්‍රිකනු නායකයා පැය හතරකට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් ලකුණු 90 ක් ලබාගත්තේ හතරේ පහර 11 කින් සිය ඉනිම අලංකාර කරමිනි. කඩුල්ල තුළට ඇදී ආ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් නිසි ලෙස වටහා නොගත් දකුණු අප්‍රිකානු නායකයා ඊට පහරක් ගැනීමට උත්සුක නොවූවත් හදිසියේම පිතිකරුවා දෙසට දෝලනය වූ පන්දුව පැමිණ ෆෆ්ගේ පා ආවරණයේ වැදිණ.

 

 

in-3

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.