Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහී මීර්පූර් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනට අද (09 වැනිදා) නතර කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 200 ක් රැස්කරගෙන සිටියේය. රොෂේන් සිල්වා ලකුණු 58 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 7 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටින අතර බංග්ලාදේශයට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.
![]() |
![]() |
සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රොෂේන් සිල්වා පිට පිට ලකුණු 50 සිමාව පසුකළ සිවුවැනි අවස්ථාව වන අතර ඊට ශතකයක්ද ඇතුළත් විය. තෙවැනි තරගයට ක්‍රීඩාකරන රොෂේන් සිල්වා ඉනිම පහකදී ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 99.00 ලෙස පවත්වා ගැනීමට මේ වනවිට සමත්වී ඇත.
දිවා ආහාරයට පෙර කාළය තුළ ලකුණු 63 ක් තුළ කඩුලු 6 ක්ද දිවා ආහාරය සහ තේ පානය අතර කාළය තුළ ලකුණු 78 කට කඩුලු 3 ක් දැවී යමින් ලකුණු ලබාගැනීමේ වේගය අඩුවුවද තේ පානයෙන් පසුව දිනය නිමාවන තෙක් කාළය තුළ ලකුණු 113 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූ අතර කඩුලු 5 ක් අහිමිවිය.
තරගයේ පළමු දිනයවූ ඊයේ කඩුලු 14 ක් බිඳවැටුණු අතර දෙවැනි දිනයවූ අද දිනයේද කඩුලු 14 ක් බිඳවැටුණි.
තවත් දින තුනක් ඉතිරිවී ඇති අතර තරගයේ ජය පරාජය තීරණය කිරීමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 12 ක් පමණි.
ලකුණු 92 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදි පස්වැනි කඩුල්ල සදහා එක්වූ දිනේෂ් චන්දිමාල් සහ රොෂේන් සිල්වා ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
දඟපන්දු යවන්නන්ට පාරාදීසයක් වුවද වමතින් වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රහමාන් දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් දැවීගිය කඩුලු 8 න් කඩුලු 3 කට හිමිකම් කීමට ඔහු සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 205 ඉලක්කයක් හඹායමින් බංග්ලාදේශයට එරෙහිව ජයගත් දකුණු අප්‍රිකාව මීර්පූර් ශ්‍රී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදි ලකුණු හඹාගොස් ජයගත් ඉහළ ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනු ලබයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 521 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය තරගය පරාජයට පත්වුවද සිවුවැනි ඉනිමේදී ලකුණු 413 ක් මෙම ක්‍රීඩාංගණයේදී රැස්කර ඇත.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීමත් හමුවේ අවසන් කඩුලු 5 ලකුණු 3 ක් තුළ දවාගැනීම හැකිවූ අතර බංග්ලාදේශයට සියලුදෙනා දැවී පළමු ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 110 ක් පමණි. ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 112 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ඊයේ දිනය නිමාවනවිට ලකුණු 56 කට කඩුලු 4 ක් අහිමිකරගෙන සිටි බංග්ලාදේශය අද දිවා ආහාරයට තවත් මිනිත්තු 25 පමණ ඉතිරිව තිබියදිත් එක් කඩුල්ලක් අහිමිව ලකුණු 51 ක් රැස්කරමින් පළමු භාගය තුළ කඩුලු ආරක්ෂා කරගැනීමට සමත්විය. නමුත් නොසිතු අයුරුන් මංගල තරගයට ක්‍රීඩාකරන අකිල ධනංජය මංගල කඩුල්ල ලෙස බංග්ලාදේශ නායක මහමදුල්ලා ලකුණු 17 කට දවාගනිමින් කඩුලු දඩයම ඇරඹීමත් සමගින් තරගය උඩුයටිකුරු විය.
ඊයේ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 4 ක් දැවී යාමෙන් පසුව මුරකරු පිතිකරු ලෙස පන්දුවට පහරදීම සදහා පැමිණි මෙහෙදි හසන් සමගින් එක්ව හයවැනි කඩුල්ල සදහා ලකුණු 34 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මහමදුල්ලා සමත්විය. ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි මුරකරු පිතිකරුවා ලකුණු 38 ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ පිකිකරුවා බවට පත්විය.
මහමදුල්ලා දැවීයාමෙන් පසුව පිටියට පිවිසි සබීර් රහ්මාන්ට මුහුණ දිමට හැකිවූයේ පන්දු තුනකට පමණි. අකිල ධනංජය යැවූ පන්දුවකට ලබාදුන් උඩපන්දුව දක්ෂ පන්දු රැකීමක නිරතවූ දිනේෂ් චන්දිමාල් රැකගැනීමත් සමගින් සබීර් රහ්මාන්ට ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
නැවතත් ක්‍රියාත්මකවූ අකිල ධනංජය සිය තෙවැනි කඩුල්ල ලෙස තමන් යැවූ පන්දුවකට නැවත ලබාදුන් උඩපන්දුව රැකගැනීමත් සමගින් බංග්ලාදේශ අටවැනි කඩුල්ල ලෙස අබ්දූර් රසාක් දැවී ගියේය.
සිලි-පොයින්ට්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල වෙත ඉක්මන් පන්දු යොමුකිරීමක් හේතුවෙන් ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට ඉදිරියට පැමිණ පන්දුවට පහරදුන් තයිජුල් ඉස්ලාම්ට නැවතත් සිමා ඉර වෙත නැවත යෑමට අවස්ථාවක් හිමිනොවීය.
අවසන් කඩුල් ලෙස පන්දුවට පහරදීමට පැමිණි මුස්ටෆිසුර් රහමාන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම කඩුල් මුවා කළේ යැයි ඩිල්රුවන් පෙරේරා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරුවරය ඔහු දැවී ගිය බවට තීරණය කළේය. ඉන් සෑහිමකට පත්නොවූ මුස්ටෆිසුර් රහමාන් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට අවස්ථාව ඉල්ලා සිටි අතර පුණරූපන නැරඹු තෙවැනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟ වෙමින් ඔහු දැවී ගිය බවට තීරණය කළේය.
මෙහෙදි හසන් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 28 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ලිටන් දාස් අද දින පළමු කඩුල්ල ලෙස සුරංග ලක්මාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 25 කට දැවී ගියේය.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.