Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-0 කින් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු 6කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. මෙම තරගාවලියේ ප්‍රතිඵලයත් සමගින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රසාද ලකුණු 6 ක් අහිමි වූ අතර ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 6 ක් එකතු විය.
දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ ප්‍රසාද ලකුණු 91 ක් පමණි. එහෙත් ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 278 කින් ජයගත් ශ්‍රී ලංකාව, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 199 කින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු එකතු කරගත්තේය.
වර්තමාන ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව පරාජය කිරීම හේතුවෙන් ලකුණු 97 දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකිවිය. ප්‍රසාද ලකුණු 97 ක් ලබා සිටින එංගලන්තය ශ්‍රේණිගත කිරීම් අතරේ පස්වැනි ස්ථානය ලබා සිටින්නේ ගණනය කිරීම් අනුව දශම ස්ථාන කිහිපයකින් ශ්‍රී ලංකාවට වඩා ඉදරියෙන් සිටින බැවිනි.
ඉන්දියාව හා එංගලන්තය අතර තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන අගෝස්තු මාසයේ එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේදී ඉන්දියාව ජයගතහොත් එංගලන්තයට ප්‍රසාද ලකුණු අහිමිවන බැවින් ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේදී එංගලන්තය පසුකරමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය තවත් මාස 3 කින් (නොවැම්බර් මාසයේදී) ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බැවින් ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැගීමට ශ්‍රී ලංකාවට ඉතාම හොඳ අවස්ථාවක් තිබේ.
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.