Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව - බංග්ලාදේශය ආරම්භක තරගයට

ශ්‍රී ලංකාව - බංග්ලාදේශය ආරම්භක තරගයට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අරම්භක තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 15 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය.  

තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 6 ක් සහභාගි වන අතර ඉන් ටෙස්ට් තත්ත්වය හිමි කණ්ඩායම් 5 ඍජුවම ඊට සුදුසුකම් ලබා සිටියි. මූලික වටයට සුදුසුකම් ලබාගන්නා 6 වැනි කණ්ඩායම තෝරාගැනීම සඳහා වෙනම තේරීම් තරගාවලියක්ද පැවැත්වෙන අතර සත්කාරක එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕමානය, නේපාලය, මැලේසියාව සහ හොංකොං දේශය එහිදී තරග වැදීමට නියමිතය.

මූලික වටයේදී  ඉන්දියාව, පාකිස්තානය සහ තේරීම් තරගාවලිය ජයගන්නා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරගවදී. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

මූලික වටය අවසානයේදී ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් අතර සුපිරි හතරදෙනාගේ වටය යටතේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වේ. සුපිරි හතරදෙනාගේ වටයේදී වැඩිම ජයග්‍රහණ අත්කරගන්නා කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් වරට 2016 වසරේ බංග්ලාදේශයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලිය ජයගැනීමට ඉන්දියාව සමත් වූ අතර බංග්ලාදේශය එහි අනු ශූරයන් බවට පත්විය. 2016 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පුහුණුවක් ලබාගැනීමේ අරමුණින් එවර ආසියානු කුසලාන තරගාවලියද විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්විණ.

කෙසේ වුවත් ලබන වසරේදී (2019) පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර පුහුණුවක් ලබාගැනීමේ අරමුණින් මෙවර ආසියානු කුසලාන තරගාවලිය එක්දින තරගාවලියක් ලෙස පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.


මූලික වටයේ තරග

සැප්තැම්බර් 15 - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඩුබායිහිදි
සැප්තැම්බර් 16 - පාකිස්තානය සහ සුදුසුකම් ලබන කණ්ඩායම අතර ඩුබායිහිදි
සැප්තැම්බර් 17 - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අබුඩාබිහිදි
සැප්තැම්බර් 18 - ඉන්දියාව සහ සුදුසුකම් ලබන කණ්ඩායම අතර ඩුබායිහිදි
සැප්තැම්බර් 19 - ඉන්දියාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදි
සැප්තැම්බර් 17 - බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර අබුඩාබිහිදි


සුපිරි හතර දෙනාගේ වටයේ තරග

සැප්තැම්බර් 21 - ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් සහ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් අතර ඩුබායිහිදි  
සැප්තැම්බර් 21 - ‘බී’ කාණ්ඩයේ ශූරයන් සහ ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් අතර අබුඩාබිහිදි
සැප්තැම්බර් 23 - ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් සහ ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් අතර ඩුබායිහිදි
සැප්තැම්බර් 23 - ‘බී’ කාණ්ඩයේ ශූරයන් සහ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් අතර අබුඩාබිහිදි  
සැප්තැම්බර් 25 - ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් සහ ‘බී’ කාණ්ඩයේ ශූරයන් අතර ඩුබායිහිදි
සැප්තැම්බර් 26 - ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් සහ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් අතර අබුඩාබිහිදි


අවසන් මහ තරගය

සැප්තැම්බර් 28 - ලකුණු සටහනේ පළමු ස්ථානය සහ දෙවැනි ස්ථානය අතර ඩුබායිහිදි  


 - 036

 


අදහස් (0)

ශ්‍රී ලංකාව - බංග්ලාදේශය ආරම්භක තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.