Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති දකුණත් මඳ වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුෂංක කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මේ වන විට 22 වැනි වියේ පසුවන ෂෙහාන් මධුෂංක, තවමත් සහභාගි වී ඇත්තේ පළමු පෙළ සීමිත ඕවර 3 කට සහ සිවුදින තරග 3 කට පමණි. ඔහුගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝ මීටර 136 ත් 140 ත් අතර අගයක් ගනී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති දහයයි10 තරගාවලියේදී පන්දු යැවූ අකාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මධුෂංක ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීමට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තීරණය කර තිබේ. හතුරුසිංහ මහතාගේ මතය වන්නේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට දීර්ඝ කාලීන අයෝජනයක් බවයි.
අවසන් වරට ඉන්දීයාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන අහිමි වූ ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සහ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් යළිත් වරක් එක්දින කණ්ඩායමට කැඳවීමටද තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඉන්දීය තරගාවලියට සහභාගි වූ ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, සචිත් පතිරණ සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයන්ට තුන්කොන් තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ. කෙසේ වුවත් එම තරගාවලියේදී නායකයකු මෙන්ම ක්‍රීඩකයකු ලෙසද අසාර්ථක වූ තිසර පෙරේරා තවදුරටක් සංචිතයේ රඳවා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.
මේ අතර තුන්කොන් තරගාවලිය ඉලක්ක කරගෙන නම්කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගේ පුහුණු සංචිතයට ඇතුළත්ව නොසිටි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, අවසන් 16 දෙනාගේ සංචිතයට ඇතුළත් කර තිබීම ගැටලු සහගත තත්ත්වයකි.
තුන්කොන් තරගාවලියේදී සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙසත්, අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙසත් කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුෂංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.